Wednesday, December 28, 2011

තෙල් අභිරහස...

මෙ කියන්නෙ බෙල්ල ගහලා යන සිද්ධියක් ගැන.කරන්න දෙයක් නෑ කියන්න වෙනවා. මේ කතාව වෙන්නේ ලංකාවේ ඇති ප්‍රසිද්ධ කොම්පැණියක.නම් ගම් ඔය දේවල්නම් කියන්න බෑ.. , ඕන්න ඔය කොම්පැණිය ටික කලකට ඉහතදි පාඩු ලබන ආයතනයක් බවට පත්වුණා.එකට ප්‍රධාන හේතු කිහිපයක් ම බලපෑවා... ඔය අතරතුරෙ සිද්ධ වෙච්ච බුද්ධිමය ගේමක තමයි මේ කතාව..

 කම්පැණියෙන් , අදාල අංශ සැම එකකටම පාහේ මුදල් වෙන්වෙනවා.. එය පිළිගත් ක්‍රමයකට ඈත සිටම පැවත් එන්නක්..ඒත්.., එක් කාලවකවාණුවකදි එක්තරා අංශයක් සදහා පෙරට සාපෙක්ෂව වැඩි මුදල් ප්‍රමාණයක් වියදම් කිරිමට කළමණාකාර තුමාට සිදුවුණා. මෙය කොම්පැණියේ ආර්ථිකයට එල්ල කලේ දරුණු පිහි පාරක්.. අපි ඒ අංශයට කියමු තෙල් අංශය කියලා.. කොම්පැණියේ සිදුවන නිශ්පාදන, ප්‍රවාහනය කිරිම සදහා වෙනමම අංශයක් පිහි‍ටුවා තිබෙනවා..එකට තමයි තෙල් අංශය කිව්වෙ.. කොම්පැණියට අදාලව මේ ප්‍රවාහන වැඩ කටයුතු සදහා ලොරි රථ කිහිපයක් ම සේවයේ යෙදිමින් තිබුණා. ඔය අංශයේ වැඩ කරේ ගමේම ඉන්න සාමන්‍ය කම්කරුවන් පිරිසක්.ඔවුනට භාරව තිබුණේ , අදාල නිශ්පාදන අවශ්‍ය ස්ථාන කරා ගෙනයාම පමණයි.නමුත් මේ කාලවකවාණුව තුලදි ලොරි වලට යන වියදම සිඝ්‍ර ලෙස ඉහල ගිහින්..ලොරි වල අමතර තෙක් ටැංකිත් තිනවනේ.. ලොරි වලට තෙල් ගහන්නෙත් කොම්පැණියෙන්මයි..ඒ විතරක් නෙවෙයි,, තෙල් ගැහුවායින් පස්සෙ අදාල ප්‍රවාහන කටයුතු කරන්නන් එම තෙල් ටැංකි ඉබ්බන් දමා ලොක් කිරිමක් සිදුකරනවා.. එම යතුරුත් කොම්පැණියේ අදාල ස්ථානයේ එල්වා, එල්වු බවට සහතිකද කළ යුතුයි.. මේ ක්‍රියාදාමය සිදුවුණත් තෙල් වල යන වියදම හා වැයවන තෙල් ප්‍රමාණය ඉහලයි.. මෙය විසදිම සදහා කොපමණ පියවර ගත්තත්, එය සෙවිම අපහසු වුණා.. අනතුරුව විශ්ව විද්‍යාල සිසුන් ලවා වාර්ථා පරික්ෂා කරමින් කලමණාකාර කටයුතු පිරික්සුවත් ඔවුනට අවශ්‍ය සාක්ෂි සොයා ගැනිම අපහසු වුණා. මොන සෙල්ලම දාලා හෙව්වත්  මෙ තෙල් වලට සිදුවන දේ හොයාගන්න අපහසු වුණා.. තෙල් ටිකත් ඉක්මණට ඉවර වෙන්න යනවා... යන වියදමත් වැඩි... මේ මොනවා වුණත් කලමණාකාරතුමා සිද්ධිය එළියට යන්න නොදි තමා කෙසෙ හෝ හොයාගන්නවා යම අදිටනින් මෙහෙයුමක් දියත් කර තිබෙනවා..

 තේරෙනවද???   ලංකාවට පුද්ගලික රහස් පරික්ෂකයෙක් නොසිටින එකේ පාඩුව.. මටනම් මේ කතාව අහන කොටම දෙවන තර්කයෙන් තෙරුනා සිද්ධිය මෙකයි. මෙහෙමයි යන්නේ.., ලුස් පොයින්ට් එක මෙකයි කියලා.. අවංකෙන්ම කියන්නෙ..  ඔගොල්ලන්ටත්  අවස්ථාවක් දෙනවා මේ ගැටළුව විසදන්න.. කලමණාකරතුමා ගත්ත පියවරත් හිතෙනවනම් කියන්න. හැබැයි එතුමා ගත්ත පියවර නම් මට හිතාගන්න බැරි වුණා. එත් මා සිතු සිදුවිම තමයි සිදුවෙලා තින්නේ... තර්කාණුකුලව හිතලා පිළිතුරක් ලබාදෙන්න.... ඉතුරු කොටස ඉලග කතාවෙන්....

Wednesday, December 21, 2011

ඒ උබ නේද?

""සති දෙක , තුනකට පස්සේ තමයි ලිපියක් ලියන්න චාන්ස් එකක් ආවේ.... මේ දවස් වල ටිකක් කාර්යබහුලව තමයි ජිවිතේ ගෙව්වේ....ලියන්න ලිපි කිහිපයක් ම තිනවා ....  ආ...ආ... හදිස්සියේම  විනෝද චාරිකාවකුත් යන්න වුණානේ ..එකෙත් තිනවා ඇඩෙනම ඇඩෙන කතාවක් ඔගොල්ලන්ට කියන්න.. මට මතක් වෙනකොටත් ඇඩෙන්න වගේ.... ඒ කතාව වෙලාව අවහාම ගානට නුලට ලියන්නම් ..දැන්නම් කියන්න හදන්නේ ඊට වඩා වෙනස් දෙයක් ගැන..."

සයිබර් ත්‍රස්ථවාදය ගැන කට්ටියම අහලා ඇතිනේ... මේ දවස් වල ප්‍රසිද්ධ පුවතක් තමයි 'ඇමරිකාවෙ ජල ප්‍රවාහන පද්ධතිය හැක් කරපු එක...' දියුණු රට වල ඔය පද්ධති සම්පුර්නයෙන් ම පාහේ තින්නේ එකම පරිගණක ජාලයක් විදියටනේ.හොරෙන් ඇතුලු වු තැනැත්තා ඒ දින කිහිපයම ඇමරිකාවේ ජල පද්ධතිය අඩපණ කරලා.. ඔහු නල පද්ධතියක ඇති දොරක් විදාන මාරුවෙන් මාරුවට ලබාදි දොර විනාශ කර තිබෙනවා.. ඇමරිකා රජයේ අපරාධ පරික්ශකයන් තවමත් හොයනවා  ඔහු ඇතුළු වුණේ කෙසෙද? කුමන මාර්ගයක් ඔස්සෙද කියලා,  'මොනවා වුණත් අවසාන ප්‍රතිඵලය  මිනිස්සුන්ට වතුර නෑ..'      ............. අපි හොරාගේ පැත්තෙන් හිතුවොත් ටිකක් ,ඔහුට ඇති බුද්ධිය කොහොමට ඇත්ද? ඔහු පැමිණි මග කාටවත් හොයාගන්න බෑ.. ඔහු සාක්ෂි කිසිවත් ඉතුරු කර නෑ. මට දැනෙන ආකාරයට නම් ඔහු පැමිණි මග හි නැවත ගොස් නෑ... ඔහු මේවැනි දෙයක් කරන්නේ ඇයි? මානසික අබාධයක් ඇති කෙනෙකු විය හැකියි, වෙනයම් සංවිධානයක බලපෑම යටතේ විය හැකියි.


ඇමරිකාව තෙල් සදහා රටවල් යටත් කිරිමේ මෙහෙයුමක යෙදි සිටිනවා. අවසාන පුරුක තමයි ඉරානය.. නමුත් ඉරානයට ඇගිලි ගැහිමට ඇමරිකාව පසු බට වෙනවා.. ඇමරිකාවට වඩා දියුණු රසායනික අවි,න්‍යෂ්ඨික අවි , ප්‍රභල ප්‍රහාරක අවි ඉරානය සතුව ඇති නිසා.ඉරාන රජය දිනකට තම ආරක්ෂාව සදහා ප්‍රභල යුද්ධ ටැංකි 40 බැගින් එළියට දානවා. ඉරානයෙත් මේ සියළු පද්ධති තින්නෙ පරිහණක ජාල විදියට.. මේ වගේ බරපතළ පද්ධතියකට හැකර් කෙනෙක් ඇතුළු වෙලා පොඩි දෙයක් ඇතුළු කරොත් මොනව වෙවිද??.... තුන්වෙනි ලොක යුද්ධය තමයි ඉතින්. සිංගප්පුරුවේ මධ්‍යස්ථානයක් තිනවා හැකර් ලා අල්ලන.. නමුත් ඔව්න්ටත් හොයාගන්න බෑ හැකර් කෙනෙකුගේ මග... අනාගතේ දි යුද්ධ සදහා තුවක්කු , වගේ සාමාන්‍ය අවි අවශ්‍ය වෙන්නෙ නෑ.. --- කාමරයක ලැප් ටොප් එකක් හෝ කුඩා පරිගණකයක් භාවිතයෙන් මේ ක්‍රියාදාමය පටන් ගන්න පුළුවන්.. නිකන් අපි පරිගණක ක්‍රිඩාවක් සෙල්ලම් කරනවා වගේ වැඩක්.

ලංකාවේ බලන්න.., 'කෙල්ලෙක්ගේ ප්‍රශ්ණයකටත් මේ මොඩ හරක් මරාගන්න හදනවා..' එහෙම එවුණුත් ඔය දියුණු රට වල ඉන්නවනේ'.ඒ වගේ පිස්සෙක් ඔය වගේ වැ‍රැද්ධක් කරොත් .., සියළුම ජිවින් නැවත ඇස් හරින එකක් නෑ,,!     අපේ රටේ සිවිල් පුරවැසියෙක් ගාව තුවක්කුවක් වැනි මාරන්තික අවි තියා ගැනිම තහනම්.එවැනි රටවල් තව බොහො තිනවා... ඒ වුණාට දැන් තෙරෙනවා ඊට වඩා දියුණු අවියක් තමන් ගාව තින එක...අපි හැමොම භාවිතා කරනවනේ එක.අර ස්ටීව් ටත් ඕන වුණ් ලෝකයේ සියළු දේම සාක්කුවට දාගන්න.. අපිත් දැන් එහෙමනේ..... ඉස්සරහට මොනවා වෙවිද නේ.... කරන්නේ තින්නේ ඉතින් වැල යන අතට මැස්ස ගහන්න තමයි.".....

Thursday, December 8, 2011

සිරගෙයින් පැනයාම....



                   යාළුවනේ මන් අද කියන්න යන්නේ වෙනස් දෙයක් ගැන.දැනටමත් මේ ගැන බොහෝ පිරිසක් දන්නවා.ඒ වගෙම මේ ගැන අහලා තින නොබලපු අයත් ඇති, ඒ හැමොටම තමයි මේ ..   "මිනිසාට ලැබි ඇති බුද්ධියෙන් මිනිසා කොතෙක් වැඩ ගන්නවාදා... නමුත් ඔබට මේ කතාමාලාව බැලුවොත් හිතෙවී... 'අපි මොනවද කරන්නෙ කියලා'. ඇමරිකාවේ Fox ආයතනයෙන් තමයි මේ කතාව එළිදැක්වුයේ. විශාල චරිත ප්‍රමානයක් සහිත, අවදි හතරක් සහ තවත් එක් කතාංගයක් මීට ඇතුලත්." තමා සේවය කරපු රට යම් දවසක තමාටම එරෙහි වෙවි. තමා ආදරය කරන, තමා විශ්වාස කරන අය දවසක තමාටම විරුද්ධ වෙවී.. මව් සෙනෙහස මුදලට විකිණේවී..සල්ලිවලට ඇති අශාවෙන් ඕනම තිරිසන් වැඩකට අත ගැසිමට දෙවරක් නොසිතෙවි. මේ වන සියලු අපරාදයන්ගෙන් තමා ආරක්ෂාවී ,තමාට හොදටම විශ්වාස අයත් ආරක්ෂා කරගැනිමට නම් උපායශිලි නුවණක්, අනාගතය හොදින් සැළසුම් කල හැකි බුද්ධියක් ද අනිවාර්යයෙන් තිබිය යුතුයි.

                                   මේ කතාමාලාව තමයි prison break කියන්නේ. ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කතාවේ ප්‍රධාන චරිත කිහිපයක්ම තිනවා. ඉන් වඩාත්ම ප්‍රධාන චරිත තමයි., Michael Scofield ,Fernando Sucre ,Lincoln Burrows,Dr. Sara Tancredi,Alex Mahone,Veronica Donovan,Theodore "T-Bag" Bagwel,  Paul Kellerman ,Benjamin “C-Note” Miles Franklin, LJ Burrows       .  "කිව්වට විශ්වාස කරන්න මන් මේ කතාව මන් හතර පාරක් බැලුවා.. මන් මෙකට අබ්බැහි වෙලා.. මට හිතෙන්නෙ නෑ මෙක කතාවක් ම විතරයි කියලා..., ඇත්තටම කීව්වොත් මන් මෙ කතාව තුළ ජිවත් වෙනවා." මේ කතාමාලාව ටිකක් පරණයි.. බලපු අයත් ඇතී.නොබලපු අය ඉන්නවනම් බලන්න.. එකෙන් යම් දෙයක් ජිවිතයට එකතු කරගන්න පුලුවන් වෙවි. මේ කතාවේ විස්තර වන දේ මන් කෙටියෙන් ලියන්නම්..

                        ඇමරිකාවේ උප-ජනාධිපති තුමියගේ සහොදරයා ඝාතනය කිරිමේ වරදට Lincoln නමැති පුද්ගලයා හසු කරවනවා..එය සුක්ෂම සැළසුමකට අනුවයි සිදුවෙන්නේ.ඒ ක්‍රියාදාමයට මුලසුන ගන්නේ ඇමරිකානු රජයත් යක් ප්‍රමාණයකට යටත්ව ඇති රහස්‍ය ආයතනයක් මගින්..Lincoln ට සහොදරයෙක් ඉන්නවා. ඔහු තමයි ,Michael . ඔවුන්ගේ දෙමාපියන් කුඩා කාලෙදිම ඔවුන්ගෙන් ඇත් වෙනවා.'කතාවේ අන්තිම හරියට යන්න තමයි ඔවුන් හමුවෙන්නේ.' සහෝදරවරු දන්නේ දෙමාපියන් මිය ගොස් ඇති බවයි. Michael ට පවුලේ කෙනෙකුට ඇත්තේ තම අයියා විතරයි.ඔහු තම අයියා බේරා ගැනිමට ඉතා දියුණු බුද්ධිමය සැලසුමක් ක්‍රියාත්මක කරනවා.අවසානයේ ඔහු අයියා බෙරාගන්නවා.. "මෙතන එ ඔක්කොම ලියන්න ගියොත් මට පිස්සු හැදේවී.." ඔගොල්ලො හොයාගෙන බලන්න.... කැමති කෙනෙකුට මා හා සම්බන්ධවී මේ කතාමාලාව ලබා ගත හැකි..'  මන් තව ලිව්වොත් කතාවේ අගය නැති වෙවි. තව දෙයක් කියන්න ඕන.. මේ කතාව සර්ව සම්පුර්ණ කතාවක්,  ඕනම කෙනෙකුට නැරඹිය හැකියි. මේ කතාවට එරෙහී විය හැකි කතාවක් බිහිනොවනවා නම් එය සිහිනයකි.

සිරගෙය තුලදි අයියා අහනවා මල්ලිගෙන්.. "-why"
I'm getting u out of here
it's impossible
"not if u design the place it isn't .    ..       මල්ලි මේ කියනේ වචනවල ගැඹුරුතාවය ඔගොල්ලන්ට තෙරෙනවා ඇති..ඔය වගේ තැන් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. මන් කියන්නේ මෙකයි පුළුවන් නම් මෙක බලන්න.... යම් දෙයක් එකතු කරගන්න පුළුවන් වෙවි......, කතාව බලපු අයට ගැටළුවක් තී නම් ඉදිරිපත් කරන්න් කියලා කියන්න කැමතී.."

Tuesday, December 6, 2011

මට තේරේන්නේ නෑ....

"   මේ දවස් වල විවෙක සුවයෙන් ඉන්න නිසා එක එක දේවල් මතක් වෙනවා...,, "

 ' එහෙම මතක් වෙච්ච ප්‍රශ්ණ කිහිපයක් තමයි මේ ඔගොල්ලන්ගෙන් අහන්න යන්නේ '

                                      මෙහෙමයි.., අපේ රටේ විශ්ව විද්‍යාලවල විවිධ ක්ෂේත්‍ර වලට අදාල  විවිධ විශයන් උගන්නනවා.ඒ ඒ විශයන්ට අදාලව, විශ්ව විද්‍යාල ප්‍රජාවට ලොකයේ ඔනම  තැනක කැමති ‍රැකියාවන් සදහා පිළිගත් උපාධියක් ලබාගන්න පුළුවන්.පරිගණක ක්ෂේත්‍රයක් ගත්තොත් යන්න පුළුවන් පැති රාශියක්ම තිනවා.... එත් කලා විශය ධාරාවකින් ඉස්සරහට යන්නේ නම්, යන්න පුළුවන් පැති සීමිතයි නේද?  එත් කලාව කියන්නේ ඕනම මිනිසෙකු තුල තිබිය යුතු, රටේ සංස්කෘතියට බලපාන, රටක ඉතිහාසයට වටිනාකමක් එකතු කරන ක්ෂේත්‍රක්.

    (සමහර) විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන් අතර (මේ කියන්නේ සාහිත්‍ය මහාචාර්යවරුන් ගැන) පෙර සිටම පිළිගෙන පැමිණි සාහිත්‍යයට විවිධ අංග එකතු කරමින් තමාට අවශ්‍ය පරිදි ගෙන යන කලාවකුත් නැතුවාම නෙවෙයි.ඒ කියන්නේ අනාගතයට යන සාහිත්‍ය විකෘති වු එකක්. ලංකාවේ සාහිත්‍ය දියුණුවට වැඩියෙන්ම උර දෙන්නේ විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන්, සිසුන්, සමස්ථයක් වශයෙන් කිව්වොත් විශ්ව විද්‍යාල ප්‍රජාව. ඔකට පිට ඉන්න කට්ටියට මුකුත් කරන්න බැරිද? විශ්ව විද්‍යාල යන්නෙ නැති සිසුවෙක්ට සාහිත්‍යට මෙහෙයක් කරන්න බැරිද?  යටින් කියන්නෙ මෙකයි.." අද ඔය කලා විශය උගන්වන විශ්ව විද්‍යාලවල වැඩි හරියක්ම පාහේ කරන්නේ 'මාටින් වික්‍රමසින්හ ශුරීන්ගේ , කුමාරතුංග මුණිදාස ,වගේ ගත් කතුවරුන්ගේ පොත් පරිශිලනය කරන එක. ඒ ගත් කතුවරු එක්කෙනෙක්වත් (එකල) විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබපු අය නෙවෙයි.මන් හිතන්නේ ඉස්කොලේ ගියෙත් අටේ පන්තියට වෙනකම් විතරයි. පොත් කිහිපයක් පාඩම් කිරිමෙන් පමණක් ම දියුණුවක් ගැන හිතන්න අමාරුයි. සාහිත්‍යට කැපවෙන විශ්ව විද්‍යාල ප්‍රවෙශය නොලැබු ප්‍රජාවක් ඉන්නවා, ඔවුන්ට සාධාරණයක් වෙන්නෙ නැද්ද?   අනාගතයේ මාටින් වික්‍රමසින්හලා වගේ ගත් කතුවරුන් බිහිවිය යුත්තේ විශ්ව විද්‍යාල වලින් පමණක්මද?


තව දෙයක් තිනවා ...." රටට බෞද්ධ සංස්කෘතිය ගෙන එන්න විශාල කැප කිරිමක් කරපු කෙනෙක් තමයි 'අනගාරික ධර්මපාල' කියන්නේ. එතුමා , එතුමාගේ අවසාන කාලය ගත කරන්න ලංකාවෙන්  ගිය හේතුව ඔගොල්ලො දන්නව ඇතිනේ.. මේ සිංහලයට ලැබුණු බෞද්ධ සංස්කෘතිය තමාට ඕන විදියට වෙනස් කිරිමට ගත්ත උත්සහයක ප්‍රතිපල වශයෙන් නෙවෙයිද? "  සියල්ල වෙනස් වෙනවා ඒක සාධාරණයි... නමුත් එය අතිතයට ,අනාගතයට ගැළපෙන පරිදි වෙනස් විය යුතුයි.

                   [ නිකන් හිතුන කාරණා ටිකක් ලිව්වේ.. වැ‍රැද්දක් තිනව නම් කියන්න හොදේ...........]

Saturday, December 3, 2011

ඉපදිච්ච දවසෙම දාලා යන්න තිබුණානම්.....!

          ගොඩක් කාලෙකට පස්සේ ආයි එන්න පුලුවන් වුනේ , මෙහෙම ලියන්න වාසනාවක් හම්බවෙවි කියලා පොඩ්ඩකටවත් හිතුන්නේනෑ....මේ සති කිහිපය ජිවිතයේ ලබපු අමිහිරිම අත්දැකිම් ටිකක්.  කරාපිටිය රොහලේ ඇදක් මත සේලයින් බිබී, සතිගණන් හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්න කොට කොහොමද ආතල් එක.....

           ඔහොල්ලො දන්නවනේ රූකඩ වලට ප්‍රසිද්ධ අම්බලන්ගොඩ..., රඹුටන් වලට මල්වාන.... ඒ වගේ ඩෙංගු වලට ප්‍රසිද්ධ තැනත් දන්නවා ඇතිනේ... මාත් හිටියේ අන්න එතන තමයි.ඒක හැදුනාම මාර රහයි..ඉලග ආත්ම හැම එකක්ම පේනවා.. ඔය රහ හම්බවෙලා මුල්ම දවසේ කාපු දුක ආයි කියන්න ඔන නෑනේ.. හිතාගන්න පුළුවන්නේ.... , රොහල් ගත වෙලා මුල්ම දවසේ කරපු blood එකේ තිබ්බේ රුධිර පට්ටිකා 20,000යි. සාමාන්‍ය මිනිසෙකුගේ තියෙන්න ඔන ගාන කට්ටියම දන්නවා ඇතිනේ. එ වෙලාවේ ඉදන් මට ඇදන් බහින්න තහනම්. පොඩ්ඩක් හෙල්ලෙන්න දෙන්නෙ නෑ...."හැමොම කියන්නේ මහන්සි වෙන්න එපා, දගලන්නෙ නැතුව ඉන්න,,,," එහෙම කිව්වට මට එහෙම ඉන්න ඇහැකිය , එ මදිවට පැය 4කට පාරක් වගේ ලේ ගන්නවා... ඩෙංගු නෙවෙයි, ලේ අරගෙනම මගෙ ඇගේ ලේ නෑ.. එහෙම බැලුවාම ඩෙංගු හොදයි වගේ, ඉට පස්සේ කරපු blood එකෙදි පට්ටිකා තිබුනේ 18,000..

                             දින 2කට පස්සේ ආයි වැඩි වෙන්න පටන් ගත්තා..,මන් ගෙදර එනකොටත් තිබ්බේ 66000 යි. ඉස්සරහට තමයි මොනවා වෙයිද බලන්න ඔන,,......

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...