Sunday, February 26, 2012

kassyOpea



මොකක්ද මේ ...?
මොනවද වෙන්නේ....?

යාළුවනේ මේ තින්නේ අපි විශ්වසනීයත්වයෙන් යුතුව පටන් ගත්තු පුංචි වැඩක්. පුංචි කිව්වට මේකෙන් වෙන කර්තව්යය නම් සුළු ප‍ටු නැහැ.. ඔගොල්ලන්ට මෙකෙන් වෙන්නේ මොකක්ද? කරන්නෙ මොකක්ද කියල මම කියන්නම්....,
අපි...!

“අපගේ සේවාග්‍රාහකයාගේ නිෂ්පාදන ඵලදාව ඉහල නැංවීමත්, වඩා ලාභදායී නිෂ්පාදනයක් සඳහා දායක වීමත්, ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය උසස් කිරීමත් යන මූලික අභිප්‍රායන් සමඟම පාරිභෝගිකයා ඉලක්කගත කරගත් විශ්වාසනීය නිර්මාණශීලී විසඳුම් අප සතුයි."

Internet Marketing
අපගේ අන්තර්ජාල අලෙවිකරන උපදෙස් සැපයීමේ සේවාව ඔබගේ අලෙවිකරන කර්තව්‍යය සඳහා මහඟු රුකුලක් වනු ඇත.උපායශීලී සහ ක්‍රමවත් අන්තර්ජාල අලෙවිකරන ක්‍රියාවලියක් සඳහා අපගේ වෘත්තීයමය විශේෂඥයින් ඔබ සමඟ අත්වැල් බැඳගනිමින් කටයුතු කරනු ඇත

Web Developing
නිෂ්පාදනයක වටිනාකම රඳාපවතිනුයේ අලෙවි කිරීමේ හැකියාව සහ ඉලක්කගත පාරිභෝගිකයාට ඇති අදාලත්වය මතයි. අන්තර්ජාලය තුල අලෙවිකරන කර්තව්‍යයේදී එම නිෂ්පාදනයේ නිර්මිතිය සැකිල්ල සහ තොරතුරු පරිශිලනය වැනි දේ පාරිභෝගිකයාට පහසු වන අයුරින් නිර්මාණය විය යුතු බව අපගේ මතය යි


Social Media Optimization
විවිධ සමාජතල අතර පුද්ගලයින් සමඟ ගනු දෙනු කිරීම සඳහා සමාජ ජාල වෙබ් අඩවි අද වනවිට මහඟු මෙහෙයක් ඉටු කරයි.මෙම සමාජ වඩාත් ක්‍රියාකාරී, එකිනෙක හා ගනුදෙනු කරන මාධ්‍යයක් බවට පත් වී ඇති සේම මේ වන විටද සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.




ඔබට අපෙන් ලබා ගත හැකී සේවාවන්.......,


1. Web Developing & Designing
2. Online Advertising
3. Social Media Optimization
4. Search Engine Optimization
5. Web Analytic
6. Internet Marketing
7. Pay per click Marketing
8. Graphic Design
9. Web Hosting Solution
10. Website Maintains
11. eCommerce Shopping Cart System
12. Blogging System
13. Mobile Application Developing


ඔබට තව දුරටත් විස්තර සදහා අපගේ නිළ වෙබ් අඩවියට පිවිසිය හැක. මෙතනින් යන්න

Sunday, February 12, 2012

ඔහු එක ගුරුවරයෙකු පමණක් නොවේ...!

"දෙවියෝ වගේ ඉන්න මිනිස්සුන්ට මඩ ගහන්න එපා ඔයි...
ඔවා පලදෙනවා..
ඔහෙල හිතන් ඉන්නේ ඒ කවුරු කියලද..? එ මනුස්සයට දෙවියනුත් වදිනවා.
එහෙව් මිනිස්සුන්ටද, ඔයි මෙහෙම කරන්නේ....
වාහනයක ටයර් එකක් පිපිරුනත් ඒක බොම්බයක් වෙච්ච කාලයකුත් තිබුණා...., පිළිගත් සංවිධානවල වගකීමක් නිවරදි,සත්‍ය කරුණු පමණක් මහ ජනතාවට ඉදිරිපත් කරණ එක.

එකපාරටම මෙහෙම දෙයක් කියන්න වුනේ මේකයි..., මුලින්ම මෙහෙම පටන් ගන්නම්කෝ...
ජනක සර් කියන්නේ ගාල්ල, මාතර , තංගල්ල යන ප්‍රදේශවල සංයුක්ත ගණිතය උගන්වපු විශිෂ්ඨ ගුරුවරයෙක්.. සර් අපිට ගොඩක් ම ජීවිතය දිනන හැටි සර් ගේ ජීවිතයේ අත්දැකීම් උපයෝගි කරගෙන කියලා දුන්නා. ජනක සර් තරම් හොදට උගන්නන්න වෙන කිසිම ගුරුවරයෙක් ට බෑ.. ජනක සර් ගේ පන්ති ආපු අපේ හැම යාළුවෙක්ම  එකගයි ඒකට. අපේ ජනක සර් උසස් පෙළ කරන කාලේ දිස්ත්‍රික්කේ පළමු වැනියා සහ ලංකාවෙන්ම හතර වෙනියා  . සර් මොර‍ටුව විශ්ව විද්‍යාලයේ ඉංජීනේරු විද්‍යාව හැදැරීමට තේරුණත්, සර් ට ඉගැන්වීමට තිබූ ආසාව නිසා රුහුණු විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව ‍තෝරගත්තා .. සර් කියපු විදුහල්පතිතුමාගේ කතාව අපේ යාළුවන්ට මතක ඇති. ජනක සර් පන්තිවල ළමයින් වෙනුවෙන් කරපු කැපකිරීම කවදාවත් මුදලටවත්, මොනව දෙයකටවත් මිල කරන්න බෑ.. ඒ වගෙම සර් ගේ වටිනකම විස්තර කරන්නත් මේ වචන මදි.. ඇත්තටම ළමුන් කී දාහක්ට නම් ,ප්‍රමාණයක් නම් කියන්න බෑ !  නිවරදි මග පෙන්නුවද..... මට මේ ලිපිය ලියන විටත් සර් අපිට කියපුවා දෝංකාර දෙනවා වගේ ඇහෙනවා.. කවදාවත් ඒ කියපුවා අමතක වෙන්නෙ නෑ..සර් ගේ හැම ටියුට් එකක් පටන් ගන්නෙම වටිනා කියමන් වලින්. ගණිතය හදාරපු ගාල්ලේන් වගේම අනිත් දිස්ත්‍රික්ක වලත් කැම්පස් යන සිසුන්ගේන් 90% කට එහා ජනක සර්ගෙන් ඉගෙන ගත් අය.

මමත් මේ ඉන්න තත්වේ ඉන්නෙ ජනක සර් නිසා, නැත්නම් හොයාගන්නත් නෑ මෙහෙම එකෙක්.., මට උසස් පෙළ ගණිතයට හම්බෙච්ච A එකට ලොකු ශක්තියක් වුනේ සර්.පන්ති ගිය අනිත් හැමොටමත් එහෙමයි, මට මාරම ආසාවක් තිබුණා සර් ගේ අතින් පන්තියේ දී තැග්ගක් ගන්න. ඒත් මට කවදාවත් එකට අවස්ථාවක් හම්බුනේ නෑ.මට හැමවාරයකදීම වගේ ලකුණු දෙක තුනක් මදි වුණා. ඒ විතරක් නෙවෙයි අපිට උසස් පෙළ ඉවර වෙලා කැම්පස් පටන් ගන්නකම් ඉන්න කාලය ඇතුලත, සර් කැම්පස් වල පොදුවේ උගන්නන ගණිතය කොටසත් කිසිදු මුදලක් අය නොකර අපිට ඉගැන්නුවා. ඇත්තටම මෙහෙම කරන සර් ලා අඩුයි.. සර් සල්ලිවලට නෙවෙයි ඉගැන්නුවේ. අපි උසස් පෙළ ඉවර වුනයින් පසුවත් සර් එක්ක හිටියා ඒ කාලේ අනිත් වසර වල ළමුන්ගේ ටෙස්ට් පෙපර් බැලුවෙ අපි... අපේ ඉසුරු එහෙම සාක්ෂි ඔන්න.

ජනක සර් කියන්නේ දෙවියෙක් වගේ කෙනෙක් .. මෙ වගේ මඩ ප්‍රචාර ගහන්න එපා. සර් -Ms.c උපාධියත් පටන් අරගෙන යි තින්නේ. සර් ට උපාධි නැ කියලා කියන්න බෑ. සර් ට නියම උපාධිය දෙන්නෙ ළමයි.ලංකාවෙ නෙවෙයි මුළු ලෝකෙම තින  උපාධි මදී.සර් එච්චර වටිනවා. මන් අදහස් කරන්නේ ලොකු ලොකු වැඩ දාන් ඉන්න අයට වඩා තින පොඩි දෙයින් මහා සේවයක් කරන එක ගැන. කවුරු මොනවා කිව්වත් අපි සර් එක්ක ඉන්නවා,...
මේ ටික කියන්නේ මඩ ගහපු පුද්ගලයට දෙයක් ලියනකොට දැනගෙන , හරී දේ ලියනවා.වැදගත් මිනිස්සුන්ට ඒ තැන දීලා කතාකරන්න. රටේ අනාගතය හදන්න ඒ සර් වැඩ කරන්නේ. රටේ අනාගතයට හානිවෙන්න වැඩ කරන්න එපා..!!

(මෙය කඩේ යැමක් නොවන බව සළකන්න.... හිතට එකගවම ලීවෙමි.............. ඔහු එක ගුරුවරයෙකු පමණක් නොවේ...)

Friday, February 10, 2012

ගැහිලි ටිකක්...,

මංකොල්ලකාරයෝ..,

සෝමාලියාවේ මුහුදු මංකොල්ල කාරයෝ ගැන කට්ටිය අහල ඇති නේ? ලොකේ ඉන්න දරුණුතම මංකොල්ලකාරයෝ ටිකක්, ඇත්තම කතන්දරේ කිව්වොත් එකේ ඉන්නෙ කව්ද කියලවත් මොනම මිනිහෙක් දන්නෙ නෑ.. හැබැයි අර ජැක් ස්පැරෝ වගේ චරිත නම් නෙවෙයි ඉන්නේ, අහුවුනොත් හිරිකිතයක් නැතුව මාළු කපනවා වගේ කපනවා.ආයි එකේ හොදන්න දෙයක් නෑ.. අපේ මිනිස්සු ටිකකුත් ඔවුන්ගේ හිර කාරයෝ වෙලා කියලා කට්ටිය දන්නව ඇතිනේ.... ඔවුන්ව නිදහස් කිරිමට විශාල කප්පමක් ගෙවීමට සිදුව තියෙනවා. මොනවා හරි කරලා කට්ටිය ඉක්මනට බේර ගත්තොත් හොදයි...!! ඉදිරියේදි ඔය මංකොල්ලො කාරයෝ ගැන මා සොයාගත් විස්තර ඉදිරිපත් කරන්නම්.










 



අනිත් කාරණාව තමයි...., 
සත්‍ය සිදිවීමක් ඇසුරෙන් කියන්නේ, අපේ සමහර උදවිය ඉන්නවා... අපේ රට සංවර්ධනය කියන මාවතේ ගමන් කරනකොට ඒකට උගුල් අටවන අය. සමහර මිනිස්සු සුද්දෝ අපේ රටට එන එකට කැමති නෑ. අපේ රටේ දියුණුවේ වැදගත් පොයින්ට් එකක් තමයි සංචාරක කර්මාන්තය කියන්නේ.ගොඩක් ‍රැකියා අවස්ථා ප්‍රමාණයක් අපේ තරුණ තරුණියන්ට හිමිවෙනවා.මා නිවරදි විය යුතුයි, රජය විසින් විශ්ව විද්‍යාල වලට මේ සම්බන්ධ අලුත් විශයයක්ද ඉදිරිපත් කරනු ලැබුවා.
අපි සියළු දෙනාම දන්නවා ටික කාලෙකට පෙර විදේශිකයකු ඝාතනය වුණා යම් සිදුවීමක් නිසා. ඒ සිදුවිමෙන්  පස්සේ විදේශිකයන් ජිවිත ආරක්ෂාව පිණිස නැවත පෙර ලා යන්නට පටන් ගත්තා.නමුත් දැන් වෙනකොට ඒ තත්වය සමනය වෙලා විදේශිකයන් සංක්‍රමණය වන තත්වෙකට පත්ව තියෙනවා.එත් සමහර අපේ බත් කන හරක් ඉන්නවා සුද්දන්ව බය කරලා එළවගන්න හදන අය. " ඇයි ඔගොල්ලෝ ආවේ , දන්නෙ නැද්ද ‍ටුවරිස්ට්ලා මරනවා මේ දවස් වල..,ඉන්න එපා මේ රටේ, කිසිම ආරක්ෂාවක් නෑ.. ,අපිත් ඉන්නෙ බයෙන්" මෙවැනි ප්‍රකාෂ කරමින් විදේශ විනිමයට හානිකරන එවුන් නැතිවද නොවේ.(සත්‍ය සිදුවීමකි). සංචාරක කර්මාන්තය වැ‍ටුනොත් වෙන පාඩුව ආයිත් කියලා නිම කරන්නද......?

Friday, February 3, 2012

මව්බිමට ජයවේවා..!!

කොහොමද යාළුවනේ කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරිවුණා.. ඒ නිසාම අද ටිකක් ලියන්න හිතුවා...,

මුලින්ම කියන්න ඕන මා කලින් ඔගොල්ලත් එක්ක හිටියේ රහස් පරික්ෂකයා කියන නමින්. එත් , හදිසියේම අවශ්‍ය කර්තව්‍යක් සදහා නම ජනියාගේ සයිබර් ලෝකය ලෙස වෙනස් කරන්න වුණා. ඔන්න එහෙනම් හරිනේ.......


අද ලියන්න හදන්නේ අපේ මව්බිමට උදාවු විශේෂ දවසක් ගැන පොඩි විස්තරයක්. හෙට තමයි පෙබරවාරි 4 ,එ කියන්න්නේ අපි සුද්දගෙන් නිදහස් වෙච්ච දවස.. නිදහස් වුණු දවස කිව්වට සුද්දා අපිට ඔක්කොම දිලා ගියේ නැනේ, උන්ගේ ක්‍රමයක් හදලා තමයි උන් ගියේ.ඉංග්‍රිසින් එන කාලේ අපේ රටේ රජකම් කරේ කීර්තී ශ්‍රි රාජසිංහ රජතුමා. එකාලෙ ඉංග්‍රිසින්ට ලංකාවෙ ප්‍රදේශ අල්ලගන්න තිබුණු එකම ප්‍රශ්ණේ තමයි ඒ ප්‍රදේශ ලන්දේසීන් සතුව තිබුණ එක. යුරෝපයෙදි ලන්දේසින් ජාතිකයන් හා ඉංග්‍රිසින් අතර තිබුණු මිතුරු කම නිසයි ඉංග්‍රිසින් එවා අල්ලගත්තේ නැත්තේ.ඔන්න ඔය කාලෙදි ඉංග්‍රිසින්ට පොඩි චාන්ස් එකක් දුන්නා අපේ හිටපු රජතුමා ,ලන්දේසීන් එළවීමට අපේ රජතුමා ඉංග්‍රිසීන්ගෙන් සහය ඉල්ලලා සංදේශයක් ඉදිරිපත් කරා.  ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් 1975 අගොස්තු මසදි ලන්දසීන් සතුව තිබුණු ත්‍රිකුණාමල වරාය ඉංග්‍රිසින් අල්ල ගත්තා. අනතුරුව ඔවුන් යාපනය ,මන්නාරම,කල්පිටිය,කොළඹ වරායද අල්ලා ගත්තා.

ඔන්න ඔය කාලෙදි යුරොපා යුද්ධය ඇවිලෙමින් තිබුණු කාලේ, 1796 දි ප්‍රංශ ජාතිකයන් ඔලන්දය(ලන්දේසීන් ගේ රට) ආක්‍රමණය කරා. ඔලන්දේ ධජය බිද වැටෙන් කොට එහි පාලකය වු විළියම් කුමරු ‍රැකවරණය පතා එංගලන්තයට පැනලා ගියා. ඔන්න ඔය අතරේ පොඩි සීන් එකක් තිනවා...,ප්‍රංශය විසින් ඔලන්දය සතුව තිබු යටත් විජිත අල්ල ගනි කියලා ඉංග්‍රිසින් බය වුණා. ඉංග්‍රිසීන්ගේ බිස්නස් වලට කෙළවෙනවා එහෙම වුනොත්,ඔන්න ඒ නිසා උන් කරේ තමා යටතේ ආරක්ෂාව සිටි ඔලන්දේ පාලකයාගෙන් යටත් විජිත තමාට පවරන ලෙස ඉංග්‍රිසින් ලිපියක් ලබාගත්තා.. දැන් ගේම ගොඩ.  ඔන්න ඔය ලිපියට තමයි කියන්නේ "කියු ලිපිය" කියලා... ඔන්න ඔය කාලෙදි ලංකාවේ මුහුදු බඩ පළාත් වල තිබුනේ මදුරාසී පාලන ක්‍රමය.ඉංග්‍රිසින් අපේ එවුන්ට අසීමිත බදු පැනෙව්වා... 'අනේ අම්මපා මම හිටියනම් කනවා ඕකුන්ව. '  මරුම වැඩේ කියන්නේ අලුතින් පොල්ගස් බද්දකුත් ගහලා , ඒ කියන්නේ සෑම පොල් ගසකින්ම පනමක් , ගස් පනහකට වඩා වැඩි අයගෙන් එක ගසකට පනම් දෙක බැගින්.ලොවෙත් ගහනවද එහෙම බදු...

ඔයි වැඩ ඇල්ලුවේ නෑ අපේ එවුන්ට..., පටන් ගත්තා උන්වත් එළවන්න . ඒ 1797 කැ‍රැල්ල පටන් ගෙන.ඒ කැ‍රැල්ල ගැන හොයන්නත් උන් ත්‍රිපුද්ගල කමි‍ටුවක් පත් කරා. කට්ටිය දන්නවනේ, දැන් කාලේ මොකක් හරි අවුලක් වුනොත් මොකද කරන්නේ කියලා. හැම එකකටම 'ත්‍රිපුද්ගල කමි‍ටු පත් කරනවා' කරලා එගොල්ලන්ගේ වැඩ බලන්නත් තව ත්‍රිපුද්ගල කමි‍ටු පත් කරනවා. ඔන්න ඔකේ ප්‍රතිඵලයක් වශයෙන් 1978ඉදන්1802 කාලය දක්වා ගෙනාවා අලුත් පාළන ක්‍රමයක්.ඒ තමයි දිවිත්ව පාලනය කියන්නේ. ෆෙඩ්‍රික් නොර්ත් අයියා ආණ්ඩුකාරයා වුනේ ඔන්න ඔය කෙහෙම්මල නිසා තමයි.1802 දි අපි සම්පුර්ණයෙන්ම බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට පත් වුණා. එ වුනාට නොර්ත්ට බැරිවුනා කදුරටට සද්ද දාන්න. අපේ මුදුන් මල්කඩ, අපේ උතුම්ම වස්තුව, පුජනීය දළදා කරඩුන් වහන්සේ ,අපේ රාජකීය ලකුණ, වැඩ සිටියේ මහනුවර රාජධානියේ.ඒ කට අත තියන්න මෙලෝ යකෙකුට ඉඩ දෙන්නෙ නෑ.අනේ අම්මපා මරාගෙන මැරෙනවා... මහනුවරට ගහන්න ඔය නොර්ත් සුද්දා චන්ඩි එක්කරගෙන ආවා. එත් එක සුද්දෙක්ට රිංගන්න දුන්නෙ නෑ.මුලින්ම යුද්දේ පටන් ගත්තේ ස්භාවධර්මයෙන්, ගංඋතුරලා සුළග සැඩ වෙලා සහමුලින්ම සුද්ද කරලා දැම්මා.උපරිම යුධ ක්‍රම භාවිතා කරපු අපේ වීර කොල්ලොත් ගරිල්ලා ගේම් දිලා නොර්ත්ට උතුර දකුණ මාරු වෙන්න ගැහුවා. ආපු චන්ඩි නැට්ට #$&-- ගහගෙන පැනලා ගියේ බල්ලු බළල්ලු විදියට.

නොර්ත් ගෙන පස්සේ පත්වුනේ ‍තෝමස් මෙට්ලන්ඩ්. මිනිහා ටිකක් මොළ කාරයා.මිනිහා තමයි ඔය ජූරී සභා ක්‍රමය මුලින්ම හදුන්වා දුන්නේ.., මිනිහා ටිකක් දැගලුවා මහනුවරත් එක්ක සාම සාගඡ්චා තියලා නුල් සූත්තර ගේමක් දෙන්න ,ඒත් ඒ වැඩේ හරි ගියේ නෑ... එතකොට අපේ රජතුමා වුනේ ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා....රජතුමාගේ පාළන ක්‍රමය ඒ වන විට ගැටළු සහගත වු නිසා මහනුවර මිනිස්සුත් තරහින් හිටියේ.ඔය සිද්ධිය නිසා උඩරට රදළයෝ පිරිසකුත් ඉංග්‍රිසින්ට එකතුවුනා.ඉට පස්සේ තමයි මෙට්ලන්ඩ් උඩරට ආක්‍රමණය කරේ.. අපි 1815 දි සම්පුර්ණයෙන්ම යටත් වුණා.
ඔන්න  ඔහොම වෙලා පස්සේ ඉංග්‍රිසින්ගේ පාලනයත් අවුල් වීගෙන එනකොට නැවත එකතු වෙලා 1818,1848 වෙල්ලස්සේ කැ‍රැල්ලයි මාතලේ කැ‍රැල්ලයි ගැහුවා .අපේ ගොඩක් අය දිවි පිදුවා එකෙන්.කුඩාපොළ හාමුදුරුවෝ, පුරන් අප්පු,බස්නායක ඇත්තෝ ඔය වගේ අය ගොඩක් හිටියා... පස්සේ1829 දි ඉංග්‍රිසින් කැරලි නවත්වගන්න බැරිවුන තැන ප්‍රතිසංස්කරණ සමුහයක් ඉදිරිපත් කරලා.. අපේ කට්ටියටම බළතල පැවරුවා.අන්තිමට අපේ ප්‍රථම අගමැති පත්කරමින් .,ඒ කියන්නේ සේනානායක මහත්තයා.,1948 පෙබරවාරි 4 දා නිදහස ගත්තා...

නිදහස ගත්තට උන්ගේ ක්‍රමයක් මේකේ පැළ කරලා උන් ගියේ.. දෙනටත් උන්ගේ මුල් තිනවා.., අපි අපේ කම හදාගනිමු, අපේ සංස්කෘතියට ගැළපෙන්න..!!

(යාළුවනේ, පොඩි වැඩකට අත තිබ්බා පොඩි තරගයකට මෙන්න මෙක තමයි අලුත් වැඩේ. ඔගොල්ලන්ගේ සහයෝගය තිනවා නම් ගොඩක් වටිනවා.. ස්තුතියි..)

Monday, January 23, 2012

කොච්චර දේවල් කියන්න තිද? කොච්චර කල් නම් හංගගෙන ඉන්නද? .. හැමදේටම කළබල වෙන්න හොද නෑ... නමුත් ගොඩක් කල් පහු වුනොත් ඒත් වැඩක නෑ.. මේ කතාව කියන්න මන් කොච්චර උත්සහ කරාද..
 එත් මට එකට නියම අවස්ථාවක් හම්බුනේ නෑ... දවසක,........ ඔයා මගේ ඉදිරියේ හිටියත් මට මුකුත් කියාගන්න බැරි වුනා... මට කතාකරන්න වචන ආවේ නෑ... කියන්න හිටපු සේරම අමතක වුණා.. ඔව් මගෙ දුර්වල කමක් නිසා වෙන්න ඇති එහෙම වුනේ..

ඔයා දවසක කියාවි '"ඔය වැඩේ නවත්තන්න., මෙකට ආයි කතා කරන්න එපා...."' ඔව්, ඔයා  අකැමති , මන් දන්නව එක.. . එක ඔයාගේ තිරණේ... මට ඊට එහා දෙයක් කරන්න නෑ, ඔයා , එදාට වඩා අද සතුටින් ඉන්නවා ඇති.. මට ඒ ගැන ආඩම්බරයි.

එදා මන් මුකුත් අහන්න කලින් .., ඔයා ඉස්සර වුණා. ඔයා මාව තේරුම් ගත්තෙ නෑ..එ වෙලාවෙදිම ඔයා අපේ කතාවට තිත තිබ්බා.. මට හැමොටම පෙන්න, ඔයාගෙ අත අල්ලගෙන හැමතැනම ඇවිදින්න කිසිම ඕන කමක් නෑ..එහෙම ගියත් යන්නේ හිතට අවංකව ලෝකයාට පෙන්න නෙවෙයි, මන් ඒ දේ කරේ අවංකවමයි.. කාටවත් රිද්දන්න නෙවෙයි.. මන් පොඩි මිනිහෙක් ,මට දෙන්න ලොකු ලොකු යාන වාහන, ඉඩ කඩම් නෑ..එත් මන් පොඩි දෙයක් දුන්නා මතකද? එකේ ලොකු තෙරුමක් තිනවා එක ගැළපෙන්නෙ ඔයාටමයි,වෙන කාටවත්ම හරියන්නෙ නෑ..වෙන මට දෙන්න කියලා දෙයකුත් නෑ.. එත් මට දෙන්න පුළුවන් තව එක දෙයක් තිනවා,....

අපි කොහෙවත් ගිහින් නෑ..බෙදා ගන්නට මතකයන් නෑ, එකෙන් වැඩක් නෑ...මම හිතන් ඉන්නේ ඒ ගමන මන් ගියේ නැ කියලා .. හැබැයි , මන් පස්සේ කතා කරා මගේ ගමේ සුන්දරත්වය පෙන්නන්න මාත් එක්ක එන්න කියලා.. එත් මන් කවදාවත් බළකලේ නෑ..කැමතිනම් එන්න කියල විතරයි කිව්වේ.එත් ඒ දේ සිද්ද වුනේ නෑ.. එදා ඔයා ආවනම් ජිවිතේ කවදාවත් අත්නොවිදපු  සතුටකුත් , ස්භාවධර්මයේ අරුමයත් විදගන්න තිබුණා. ඉටත් වඩා උතුම් මිනිසුන් පිරිසක් හදුනා ගැනිමටත් අවස්ථාවක් උදා වෙන්න තිබුණා..

ගමේ ඉදන් කොළඹ රටට ආවයින් පස්සේ ඇත්තටම ගොඩක් දෙවල් මගහැරුනා, ඒ වගෙම ගොඩක් දෙවල් හමුවුණා.කොළඹ රටට ආවා කිව්වට මන් ඉන්නේ ඩොටේ නෙවෙයි.. ඇත්තටම කියනවනම් කොළඹට වඩා අපේ ගම දියුණුයි,ඉන්න මිනිස්සුන්ගේ මනුස්සකම් දියුණුයි..අහස උසට බිල්ඩින් තිබුණට, දවසකට පාරේ සුපිරි කාර් ගොඩක් ගියාට, එතන දියුණුයි කියන්න බෑ..

තව වැඩිකල් යන්න කලින් මම ආපහු ගමට යනවා..මෙහේ කොච්චර හොද දේ වැපිරුවත් එවා පැළවෙන්නෙ නෑ.මුල් දුවන්නෙ නෑ.ඇත්තටම මුල් වලට දුවන්න තැනක් නෑ..ලැබෙන අස්වැන්නත් සීමිතයි.. ඉතින්...,මට කරන්න පුළුවන් සේරම මම කරලා තින්නේ.,මග හැරුනු දෙයක් තී නම් කියන්න , ඉතුරු දේවල් තින්නේ ඔයාගෙ අතේ...... සතුට කියන එක මාරම වැදගත්... එක කවදාවත් මුදලට ගන්න බෑ... ෆන් එක කියන්නේ සතුටකට නෙවෙයි..!! ඒක වෙනම දෙයක්... මන් ප්‍රර්ථනා කරනවා ඒ සතුට ඔයාට හම්බෙන්න කියලා.. මා කවදාවත් තිතක් තියන්නෙ නෑ.. මිනිස්සු මැරුණත් වැටෙන්නේ කොමා එකක්, ඒ වගේ මාත් මෙකට තියන්නේ කොමාවක්..හැබැයි පෙර මාවතටමයි...

බොහොම ස්තුතියි....!!!

................... කරන්න දෙයක් නැතිවුණු නිසා ම ලීවෙමි.....මේ අවසානයයි,...!!!

Friday, January 20, 2012

සත්‍යය..

හදිසියේ කන වැ‍ටුණු තර්ක කිහිපයක් ඔබ වෙත් ඉදිරිපත් කිරිමට කැමැත්තෙමි.

ලොකයේ සැම දෙයකම දෙපැත්තක් ඇත.. , නැතිනම් ලෝකය සමබර නොවෙනු ඇත. හොද මෙන්ම නරකද ලෝකයේ පැවැත්මට කිසියම් හෝ අයුරින් දායක වනු නියතයි.එය ලෝක ස්භාවයයි.
"ලංකාවෙ මධ්‍ය ලක්ෂයයි.., බර්මියුඩා ත්‍රිකොණයේ මධ්‍ය ලක්ෂයයි ඒක රේඛියලු.." මෙක ඔප්පු කරන්න දන්නව නම් කවුරු හරි ඉදිරිපත් වෙලා කියන්න..  එය වැලලී ගිය අතිතයක් ගොඩගන්න උපකාරී වෙන්න පුළුවන්.., මා දන්නා අයුරින් සෙනරත් පරණවිතානයන් මේ බව ඔප්පු කරන්නට සැහෙන්න වෙහෙසක් ගෙන තියෙනවා. නමුත් ඔහුට එයට හැකියාව ලැබී නෑ.

අපේ සංස්කෘතිය සුද්දෙක්ගේ අතින් ලියවුණු එකක් බවත්, හෙළයාගේ නියම සංස්කෘතිය සුද්දන් විනාශ කර ඇති බවත් , අතිතයේ විසු සමහර උදවිය මෙ කරුණු කාරණා ආරක්ෂා කර ගැනිමට උත්සුක නොවු හෙයින් ස්භාවධර්මයා විසින්ම එය ආරක්ෂා කර ඇති බවත් දැන් දැන් ඔප්පු වෙමින් පවති.. ලංකාව කියන පුංචි දිපය ආරක්ෂා කරන්නේ ස්භාවධර්මයා විසින්මය. හොද දේ යන සංකල්පය ගැබ්වී ඇත්තේ මේ පුංචි දිපය තුල පමණි.එසෙම නරක දේ ගැබ්වී ඇති ස්ථාන ඊට ප්‍රතිවිරුද්ධවමද පවතිනු ඇත.මේ විශ්වය තුල අප ජීවත් වන ග්‍රහලෝකය ‍රැකෙන්නෙද මේ පුංචි දිපය නිසා විය හැකිය.

විශ්ලෙෂණය වු කරුණු කිහිපයක් ඇතත් .., එය ඉදිරිපත් කිරිමෙ ලා ගැටළු බොහොසෙයින් පැන නගිනු ඇත. සමහරවිට ගැලිලීයෝ ගැලලිට සිදුවු දේ මා හටද සිදුවීමට ඇති ඉඩකඩද ඉහළය.. මිනිසුන්ගේ බුද්ධිගෝචර තාවය අනුව දැනට පවත්නා ලෝකය තිරණය වනු බව අප සියළු දෙනාම දන්න කරුණකි.. සැබවින්ම මෙ කියන කරුණු කාරණා ඔබට ගැටළුවක් වනු නියතය ,.. මා ඒ බව හොදින් දනිමි.



මා අවසාන වශයෙන් මේ ලිපිය හී හරය ගැන යම් දෙයක් කියන්නම්..
ශ්‍රී ලංකාව යනු බුදුන්ගේ දේශයයි....!!!

Monday, January 16, 2012

දු කුමරිය ...

කොහොමද යාළුවනේ.. අද මන් ආවේ පොඩි වෙනසක් අරගෙන. මන් අද අපේ කොල්ලන්ට රජ කුමාරිකාවක් සෙට් කරලා දෙන්නයි හදන්නේ.කොල්ලොටික මේ ගාන හැදුවොත් කුමාරිකාවයි,දැවැද්දයි දෙකම හම්බවෙවි.. කෙල්ලන්ටනම් ටිකක් අමාරුවෙයි. හැබැයි මෙක විසදුවොත් දැවැද්ද විතරක් දෙන්නම්. මේ ගණන වසර කිහිපයකට පෙර ලැබිච්ච ගණනක්.මට මතක විදියට පත්තරෙක හෝ ගුරුභවතකුගේ පොතක තිබ්බේ. මෙන්න මෙහෙමයි......!!

ඔන්න එකමත් එක කාලෙක, එකමත් එක රටක රජ කෙනෙක් හිටියා.. ඒ රජතුමා මන් වගේ බුද්ධිමත් (:ඪ්) චරිතයක්.ඉතින් ඔය රජතුමාට හිටියා පුත්තු දෙන්නෙකුයි එක් දු කුමාරියකුයි. රජතුමා , කුමාරවරුන් දෙදෙනාට කුඩා කල සිටම හොදින් දුනු ශිල්ප,කඩු ශිල්ප් ඉගැන්වුවා..ඒ රාජ්‍යයේ ඉදිරි පැවැත්ම උදෙසා. ඒත් රජුට අවශ්‍ය බුද්ධිමත්  පාලකයෙක් ඇති කරන්න.ඒ නිසා තම දු කුමරිය හොද බුද්ධිමතෙක් කිරිමට අවශ්‍ය සැම පියවරක්ම රජු ලබා ගත්තා.
             

ඔන්න ඔහොම යන අතරේ කුමරිය සරණ පාවා දිය යුතු නියමිත කාලය උදා වුණා.මේ වෙනකොට කුමරිය හොද, ගුණ යහපත් බුද්ධිමත් කාන්තාවක්.. ඔය දැන් ඉන්න කට්ටිය වගේ නෙවෙයි.රජතුමාටත් ඕන වුනේ තම දු කුමරිය කඩවසම් ,ඊට වඩා බුද්දිමත් තරුණයකුට විවාහ කර දිමට. ඒ සදහා දැවැද්ද වශයෙන් කහවණු කෝටි දහසක් (10,000,000,000) ලබා දෙන බවද ප්‍රසිද්ධ කරා..ඉතින් ඕක කන වැ‍ටුනු කුමාරවරු,තරුණයන් නොයෙක් දෙසින් වැල නොකැඩි රජ වාසලට ආවා.දැවැද්දට ආස නිසා හෝ කුමරියගේ ඇති මනා රූ සපුවට තින  ආසාව නිසා සි‍ටු කුමාරවරු වගේම මධ්‍යම පන්තියේ තරුණයන්ද කුමරියගේ අත ගන්න ආවා.

පැමිණි සෙනග අධික වු නිසාත්, රජුට සිදුවුණා පැමිණි සිටින තරුණ කුමාරවරුන්ගෙන් බුද්ධිමත් කෙනෙකු තොරන්න.ඉතින් රජතුමා මේකට විසදුමක් වශයෙන් දින 14ක් තිස්සෙ කල්පනා කරලා, පිටින් බැලුවට ඉතා සරල මුත් හොදින් සිතිය යුතු ගැටළුවක් ඉදිරිපත් කරා.ඒ කිව්වට මේක ගණිත ගැටළුවක්.මෙම ගැටළුව විසදිමට කුමාරවරුන්ට සති දෙකක කාලයක්ද ලබා දුන්නා.ඉතින් දවසින් උදේ වරුව සාමාන්‍ය අයටද, හවස් වරුව සි‍ටු කුමාරවරුන්ටද,සැදැ සමය රජ කුමාරවරුන්ටද. වශයෙන් කාල තුනක්ද වෙන් කරා.

මේ අතරේ සමහරු මෙලො දෙයක් දන්නෙ නැතුව ඇවිත් තිබුණා.සමහරු ඇවිත් හිටියේ වාසනාව උරගා බලන්න.කෙසෙ වෙතත් එකල මධ්‍යම පන්තියේ තරුණයන්ගේ ගණිත හැකියාව සි‍ටු කුමරුන්ගේ ගණිත හැකියාව ඉහළ මට්ටමක පැවතුණා.ඒ අතරේ හිටපු සමහරුනට අවුල වුනේ 'අපි මේ තරගේ දිනුවොත් ඉට පස්සෙ තින වැඩෙට මුහුණ දෙන එක ගැන'....

මෙන්න මේකයි රජතුමාගේ ගණන......,
              "X, Y යනු 10,000 ට අඩු ප්‍රභින්න මුත්, ආසන්න වශයෙන් සමාන ධන සංඛ්‍යා දෙකකි.දුවට දායාදය සදහා දෙන කහවණු ප්‍රමාණය ආසන්න වශයෙන් X*Y  , X+Y හා X/Y+Y/X අගයන් අතුරින් එකකි..පිළිතුරට එළඹෙන X හා Y අගයන්හිදී, දායාදය සදහා දෙන කහවණු ප්‍රමාණය කොපමණ දැයි පැහැදිළි කරන්න." ??

රජතුමා කලින් කියනවා තමයි මෙච්චර දෙනවා කියලා,  ඒත් ගණනේ තින්නේ ඒක ඔප්පු කරන්න ,.. රාජ අණ වෙනස් වෙන්නෙ නැනේ.. ඒ කියන්නෙ මේ ගැටළුව තින්නේ ඒ සම්බන්ධව.. ඔගොල්ලොම ගාණ හදන්න.මම මේ ගාණ හැදුවේ තුන්වෙනිපාර හිතන කොට.. මුල් පාර හොයාගන්නම බැරිවුණා.ඔගොල්ලන්ට එහෙම වෙන එකක් නෑ.. හදලා උත්තරේ කියන්න බලන්න.  කුමාරිකාව සමග දැවැද්ද ඔබ අතේ...............!!!

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...