Friday, September 30, 2011

තිසා වැවට ගැළු කදුළු........(2)

ඇය ප්‍රසංග ශාලාව තුලට ආව විතරයි, .... වේදිකාව උඩ සිටියෙ හැන්සම් කොල්ලෙකි. ඔහු ගායනා කරන්න පටන් ගත්තා.....
අර ‍ෆිල්ම් වල වගේ....
       "මා හඩවලා .. හදවත සලා...
       .පෙර දාක මාගේ දෙනුවන් රතු වෙලා.."

 කොල්ලොන්ට ඉතින් මාර මූඩ් සිංදුවට..  ඔහු කොච්චර ගිතය ගායනා කරාද කියනවනම්...,ඔක්කොම කට ඇරගෙන..
"මාරයි මචං, උබ ඇඩෙන්න කිව්වා.  ' භාතිය සංතුෂ් කව්ද? උබත් එක්ක බලනකොට." උබ සුපර් ස්ටාර් ද බන්?  "...

අර ආපු එක්කෙනත් අහගෙන හිටියා..සිංදුව.. හැබැයි අරු දැනන් හිටියේ නෑ මෙහෙම කෙනෙක් ඇවිල්ල කියලා..
දන්නවනම් මු ස්ටෙජ් නගින්නෙත් නෑ,...... ලැජ්ජාවට...!   (අපි දන්නවනේ ඉතින්)

ප්‍රසංගය ඉවර වුණායින් පස්සේ, කට්ටිය බිලට් වලට ගියා නිදාගන්න.

ඊට පහු වෙනිදා උදේ පීටී , සරඹ...ඔය ඔක්කොම ඉවරවුනායි පස්සේ තිනවනේ ලෙක්චර්ස්...., කොල්ලො ඉතින් නිදාගන්න එකනෙ කරන්නේ ඔය වෙලාවට...
ලෙක් : හොල් එකට යනකොටම ...,
මෙන්න අර,,,, ඉයේ ආපු කෙනා ඉන්නවා ආමී යුනිෆොම් එකක් ඇදගෙන..
අම්මට සිරි වෙවා....! ප්‍රීති සින්ටා පරාදයි ඔයි....

මුන් ටික කෙල්ලෙක් කියලා හිතලා තින්නේ "ආමි එකේ 2-- ලෙෆ්ටිනන් අක්කා කෙනෙක්...      වැඩි වයසකුත් පෙන්නෑ.. 26 ක් වගේ....

"අපේ කැම්ප් එකෙත් හිටියනේ, අපේ වයසේ අක්කලා.."
ඒ අක්කා වැඩිය කතාවට එහෙම එන්නෙ නැතිලු...
නොමල් එකේ, තින වැඩ ටික කරගෙන ඉන්න අක්කා කෙනෙක්..

ඔය අතරේ අපේ එකා (ඔය සිංදුව කිව්වේ).. එක්ක, අක්ක වැඩි පුර හිනාවෙනවලු..
වැඩිය කතා නොකරන ඒ අක්කා, අපේ එකා එක්ක අවුලක් නෑ. ඇවිල්ලා දවසයි...

දවසක්....,
  " ආ... මේ ඔයා නේද අර සිංදුව කිව්ව්වේ.."
           ආ..... හ්ම් , මම තමයි..
    නියමෙට කිව්වා , ඔයා ආර්ට් නේ කරේ?????
            අනේ නෑ... මන් ***** කරේ.
    හොදයි.. හොදයි...

ඔය වගේ ටොල්ක් ගොඩක් කැම්ප් එක ඇතුලේ වෙලා තිනවා..
පස්සේ හැම ක්‍රියාකාරකමකදීම එයා උදව් කරලා.. මාරම ‍ෆිට්

වැව බලන්න යනකොටත් එයා අපේ යාළුවා එක්කමයි ගිහින් තින්නේ....
ටවුන් එකට බඩු මොනව හරි ගන්න ගියවෙලාවෙත් එකට,
කැම්ප් එකෙදිත් එකටමයි.... අනිත් එවුන්ට පට්ට ඉරිසියාව ඉතින්..

මුටත් මාර අප් එක... දෙන දෙයියෝ පැන පැන දිලා වගේ..

"මේක මොන වගේ ආදරයක්ද කියන්න තෙරෙන්නෑ.."
ඔය අතරේ කොල්ලට ටිකක් සික් ගහලා....එත් ඔක කියාගන්න බෑ,.....
ලොවෙත් නැති කැමක් කන්න වෙන්නේ ... දන්නවනේ ඉන්න තැන...

දැන් ‍රැට නින්ද යන්නෙත් නෑ,.... මොන මගුලක්ද මෙක...නිතරම මතක් වෙන්නේ ප්‍රිති සින්ටා!!!
"මන් අද කොහොමහරි අහනවා..." ඔන්න ගියා අහන්න....
                                                          "මා හඩවලා.. හදවත සළා.."


Thursday, September 29, 2011

තිසා වැවට ගැළු කදුළු........(1)

ඕං ලිව්වා , අඩුපාඩු තී නම් කියන්න....................

(දුරකථන ඇමතුමක්..)
  මචෝ... උබට ලියුමක් ආවද කැම්ප් එන්න කියලා?... මට ආවා බන්..
            "පිස්සුද බන් මොන කැම්ප් ද?"
         
  යකෝ..... අර නායකත්ව පුහුණුවට, .. මන් තව දවස් 3කින් යනවා..
             අහා... ඒ කද? මොනවද බන් වෙන්නේ ඕකේ... උබ මොනවා කරන්නද යන්නේ එකට??

  අනේ මන්දා., මන් යන්නේ කැල්ලක් හොයාගන්න.හී හී... මෙහෙම ඉදලා ඇතිවෙලා බන්..
  (විහිළුවට කියන්න ඇත්තේ)
             මෙ බලහල්ලකෝ මූ .., පැණි මුට්ටියක්නේ උබ.. හරි හරි, මොකක් හරි, පරිස්සමින් ගිහින් වරෙන්..

දින කිහිපයකට පසු කදවුර බලා ඔහු පිටත් විය...
      ඔහු නික්ම දවස් දෙකකට පසු අපේ ඉතුරු කට්ටිය ගාලු කො‍ටුවට සෙට් වුණා රෑ කැමකට... ඔහොම ඉන්න අතරේ... මට කෝල් එකක් අවා මූගෙන් .,

          "බොක්ක .., මොකො වෙන්නෙ ඉතින්, උබ කවද්ද එන්නේ..
                   පිස්සුද බන් , තව සති 3ක් ඉන්න වෙනවා.......
           පට්ටයිනේ..... , උබ බය නැද්ද?
                   නෑ බන් පොඩි අවුලක් උනානේ....
           මොකක්ද ....? කෙල්ලෙක් නම්බ්ර් එකක් දුන්නද?
                   තොට මැන්ටල් ද ?  නෑ බන්... එහෙම එකක් නෙවෙයි.. අපේ කෑම්ප් එකේ කෙල්ලො නෑ..

    ( මූ අපිට අවුල මොකක්ද කියලා කිව්වේ නෑ)

එදා රෑ සංවිධානය වෙලා තිබුණා සංගීත ප්‍රසංගයක්..කට්ටියට මාර ෆන්ලු.. ඒ අතරේ,  කැම්ප් එකෙ හිටපු මෙජර් අක්කා කෙනෙක් ටික දවසකට මාරු වෙලා ගිහින් .., ඒ අතරේ (අ)මුතු කෙනෙක් ඇවිල්ලා කැම්ප් එකට..,එයා දැකපු කොල්ලෝ.......

" කවුද බන් ඒ.........???? පිස්සු හැදෙනවා බන්"


ඇස් සිය දහස් ගණනක් හමුවුවත් .., එක අයිතිකාරයෙකුගේ දැස් සොයාගෙන ගිය ගමන...
 (ඉළග කොටසින්)


     

Wednesday, September 28, 2011

තිසා වැවට ගැළු කදුළු........



                      මේ පටන් ගන්න හදන්නෙ   , ‍ෆිල්ම් එකක්වත් , ගොතපු නවකතාවක් වත් නොවෙයි...  සිද්ද වෙච්ච සැබෑ සිදිවිමක්.. මේ සිදුවීමට අපේ S. B මහත්තයට ස්තුතිවන්ත වෙන්න ඔන..එතුමා නොසිටින්න මේවැනි කතාවක් අහන්න වෙන්නේ නෑ.....හෝ හෝ.... හෝව්...දේශපාලනය ගැන නම් නෙවෙයි හොදේ..

             අනේ මන්දා මෙක කොහෙන් පටන් ගන්නද කියලා..... !
             මන් කොටස් වලින් මේ කතාව ඔගොල්ලන්ට කියන්නම්.... එක ලිපියකින් කියන්න බැරි කතාවක්.....
                   

වැඩිහිටියන්ට පමණයි කියලා හිතන්න නම් එපා................ සමහර විට මේ කතාව ලව් ස්ටොරියක්...., නැතිනම් සහොදර ප්‍රේමයක් ..., නැත්නම් පෙර භවයක සිට සොයාගෙන එමක්....

ඔය නායකත්ව පුහුණුවක් තිබ්බේ මොකටද? ... වෙන මොකටද කෙල්ලන්ට ,කොල්ලොන්ව සෙට් කරන්න....
හොදයි.., කෙල්ලො හිටියේ නැති කැම්ප් වල කොල්ලන්ට මොකද කරන්නේ?.................ඕ ඕ..! අන්න එක හොද ප්‍රශ්ණයක්..

අයියෝ... මට ඔවත් වැඩද?............. අන්න ඒ කතාවයි මේ..

වයස ප්‍රශ්ණයක් නෑ..........

කතාව, ඉතුරු පොස්ට් එකෙන් ලියන්නම්.. මේ ටිකක්, මොන වගෙද කියලා කිව්වේ...

මේ අහන්න.... ඔන්න ජෝඩුවක් ඉන්නවා , අවුලක් වෙලා ජෝඩුව වෙන් වෙනවා..කෙල්ලට ඒ හැඩ රුව තින වෙන කොල්ලෙක් හම්බෙනවා..කෙල්ල මොකද කරන්නෙ?

          හමුවෙමු....!

Sunday, September 25, 2011

ඔයාගේ නම්බර් එක දෙනවද ..... පෑන එවන්න....

              මේ ටිකේ හොයන්න සැක කටයුතු දෙයක් හම්බුනේ නෑ... පරණ එකක් තිනවා විසදපු, එක ගැන ඉක්මනටම ලියන්නම්. මේ කියන්න හදන්නේ තවත් රස කතාවක් අපේ  එකෙක්ට වෙච්ච.

   නායකත්ව පුහුණුව ඉවර වෙලා ගෙදර ඇවිත් සති 2/3 කට විතර පස්සේ ලියුමක් ආවා, විශ්ව විද්‍යාල ලාභී සිසුන්ට උපහාර උත්සවයක් තිනවා කියලා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්.අපේ සෙට් එකත් කතා වෙලා, ආතල් එකටත් එක්ක ගියා උත්සවය මොන වගෙද බලන්න.එතනට ගියායි පස්සේ ,.කැම්ප් එකෙ හිටපු යාළුවෝ දැකලා, උන් එක්ක පච හලන්නයි, යන එන කෙල්ලො දිහා බලන්නයි ගියාම, කට්ටියට වෙන වැඩක් තිබුන්නෑ..ඉතින් අපෙ කට්ටිය එක එක තැන්වල. ඔහොම ඉන්න කොට මටත් ආරාධනවක් ආවා, අපේ කැම්ප් ගෘප් එකෙ හිටපු කෙල්ලො සෙට් එකෙන්. එතනට යන්න හදනකොටම, අරයත් ඉන්නවනේ (කලින් ලිපි) එතන  "මොන මගුලක්ද, මන් එතනට ගියොත් හිතයි මන් එයාව බලන්න ආවා කියලා"  ඒ නිසා සෙට් එක ගාවට යන එක මග හැරියා.

                    ඔය අතරෙ උදේ තිබුණ ‍රැස්විම ඉවරවෙලා, අනිත් කට්ටිය ඇතුලට දානවා. ඒ කියන්නෙ අපි ටික. අපෙ කට්ටිය කලින්ම ඇතුලට ගිහින් , මමයි අචිරයි  යනකොට උන් හිටපු තැන අපිට ඉඩ නෑ.. එක නිසා අපි දෙන්නා පස්සෙන වාඩි වුණා. ඔය අතරෙ ‍රැස්විම ජයටම කෙරි ගෙන යනවා, හැබැයි අපිට කම්මැලී, අපේ අනිත් කට්ටිය වාඩි වෙලා හිටපු පේළියට ඉස්සරහ පෙළියේ හිටියේ කෙල්ලො ටිකක්. අපෙ එකෙක්(R කියමුකො නම) හිටපු කෙල්ලෙක් එක්ක චැටක් පටන් ගත්තා , හැබැයි උන් දෙන්න කලින් අදුරන්නෙ නෑ , එහෙම දන්නවනම් අපි නොදන්න විදියක් නැනේ..... පොඩි පොඩි ටොල්ක් දිදි ඉන්නකොට දන්නෙම නැතුව හවස් වෙලා 6.15 වගේ , ‍රැස්විම් අවසන් වෙන්න මොහොතකට පෙර , ‍රැස්විම ගැන අදහස් ලියන්න කොලයක් දුන්නා. අපෙ එකෙක් ගාව වත් පැනක් තිබුන් නෑ...

         
R ට මෙක පුරවලා දෙන්නත් ඕන.එත් විදියක් නෑ,....මු පැනක් හොයන සද්දේ ඇහුණා අර කෙල්ලට.. එකිටත් යන්න පරක්කුවෙලා, කළබලේ ... ඉතින් ඒකි එකිට හම්බුන කොලෙ පුරවන්නත් ඉස්සෙල්ලා - ට පැන දුන්නා පුරවන්න. මු හෙමින් හෙමින් පුරවන අතරේ කෙල්ලට යන්න පරක්කුවෙලා, කෙල්ල කිව්වා " කමක් නෑ...., ඔයා පැන තියා ගන්න මට යන්න පරක්කු වෙනවා කියලා"..මු ටිකක් වෙලා හිතලා කිව්වා
 " මන් ඔයාව අදනේ දැක්කේ, අදුරන්නේ වත් නැනේ.  ඔයාගේ නම්බර් එක දෙනවද ..... පැන එවන්න." අපිට පට්ට හිනායි වැඩෙට ... හිනාව නවත්තගන්න බෑ..... හරක් නාම්බා, ඇදගෙනම නෑවා

        ඒකිට එපා වුණා කිව්ව කතාවට , එහෙම කිව්වා විතරයි මුහුණ දෙක කරගත් කෙල්ල "මේක උබම තියාගනින්" මෙන් මුකුත් ම නොකියා යන්න ගියා. අපි ‍රැස්විම ඉවර වෙලා යනකොටත් මු කරපු වැඩෙට හිනා වෙවී ආවේ.    තාමත් මිනිහා පැන තුරුළු කරන් නිදාගන්නවද දන්නේත් නෑ........
                                 

                           

Saturday, September 24, 2011

දුරකථනය

  මා පෙර ලිපියක සදහන් කලා, පිටරට අධ්‍යාපනයට ගිය මිතුරා පිළිබදව.මේ කියන්න හදන්නෙත් මිනිහට වෙච්ච දෙයක් ගැන.
 
ඉතින් , මිනිහා යන්න සතියකට විතර කලින් අපි 4දෙනා ඉසුරු, තාරක, මම,නදී එකතුවෙලා රෑ කැමකට සෙට් වුණා. අපි සමහරක් දවස් වලටත් මෙහෙමම තමයි.අතට කියක් හරි ලැබුනොත් ආයි ලොවෙත් නෑ. සෙට් එක කතාකරගත්තා "අපි අද කො‍ටුවේ ගිහින් පස්සෙ කන්න එමු" කියලා .අපි ට බයිසිකල් දෙකයි තිබුණේ. ඉසුරුයි තාරකයි ආවේ එක බයිසිකලයක. උන් දෙන්න මාරු වෙන් මාරුවට තමයි පැද්දේ .  ඔහොම අපි කතා කරකර, ගාලු කො‍ටු මුව දොර ඇතුලු වෙලා කන්ද නගින හදනකොටම ඉසුරුව කැගැහුවා... "ඒයි , අඩෝ මගේ පොන් එක නෑ බන්".

                         අනේ පලයන්, හොදට බලපන් සාක්කුවේ."අඩේ සිරාවටම හැලිලා බන් " මල ජංජාලයයි. පොන් එක N73 එකක්. මිනිහා පොන් එකට දවස් තුනකට විතර කලින් බැටරියකුයි,  ඔරිගිනල් පිට කවරයකුයි (හවුසිම්) දාලා තිබුනා. ඉතින් පොන් එක ගන්න එකාට මාරම චාන්ස්...... මන් එවෙලාවෙම පොන් එකට කෝල් එකක් ගත්තා පොන් එක වැඩ, ඒ කියන්නේ පොන් එක තාම පාරේ, පටස් ගාලා කට් කරා..... ඔක පාරෙ රින් වෙනව මොකෙක්හරි දැක්කොත් බඩු හරිනෙ ඉතින්.අපිට වැඩියෙන්ම සැක හිතුනේ බයිසිකලේ පදින්න මාරු වෙනකොට වැටෙන්න ඇති කියලා (ටයිනි හෝටලය ගාව). පුලුවන් තරම් ඉක්මණින් මමයි ඉසුරුයි ඒ පැත්තට පැද්දා. අතර මගදි එකෙක් පාරෙ ලයිට් එකකට අල්ල අල්ල මොකක් හරි බලනවා මු හිටියේ ගාල්ලේ සෙඩ් එක ගාව. අපි එනකොටම මු ඒ සෙඩ් එක පිටිපස්සට ගියා , මෙ වැඩෙ ටිකක් සැක හිතුන නිසා ඌ පස්සෙ පොඩි ෆලො එකක් දුන්නා. එතකොටම මන් ආයි රින්ග් කරා  එතකොට පොන් එක වැඩ නෑ.අපි සෙඩ් එක පිටිපස්සට ගිහින් බලන කොට වු ,, නැනේ......... මු වාශ්ප වුනාද?

                                    පයින් යන එකෙක් නිසා ටයිනි එක ගාව ඉදන් මෙතනට එන්න වෙලාවයි, අපි බයිසිකල් වලින්  ගිහින් ආපු වෙලාවයි බලනකොට කාලය පිළිබද ප්‍රශ්ණයක් නෑ. මන් නිකන් කිව්වා" මචං වු බැලුවෙ උගේ පර්ස් එක වෙන්න බැරිද" ඉසුරු හිටියෙත් රත් වෙලා ,රට යන්නත් සතියයි...... ඊට වඩා කැල්ලගේ පින්තුරත් තිනවා. අපි මග දිගට බලාගෙන ටයිනි එක ගාවටත් ආවා , එ හරිය හොදටම බැලුවා වැටිලා පැගිච්ච වගෙ  සලකුණු, ප්ලාස්ටික් කැලි,පසෙ කා වැදුණු සලකුණු, කාණුවෙත් බැලුවා .. එත් හොයා ගන්න බෑ.පොන් එක කාටවත් පැගිලත් නෑ...එක්කො රින්ග් වෙනවා දැකලා කවුරු හරි අරගෙන වෙන්නත් පුළුවන්.  මන් ආයි පාරක් රින්ග් කරා එත් පොන් එක ඔෆ්. දැන් මොකද කරන්නේ ඒ අස්සේ පට්ට බඩගිනි..... ගෙදර කැමත් නෑ..... කන්නත් මොකක්ද වගේ. තාරකයන් කිව්වෙ" ඔක අතෑරලා දාපන් මචං දැන් කරන්න දෙයක් නෑ."  ඉසුරුවට ප්‍රශ්නේ පොන් එක නෙවෙයි කැල්ලගේ පින්තුර ටික. මං කිව්ව එහෙම නෙවෙයි..." කොහොම හරි මෙක හොයා ගමු" අපරාදනේ බන්.

                      හොයාගන්නත් මුකුත් සාක්ෂි නෑ.... කිසිම දෙයක් නෑ.අර සෙඩ් එක ගාව හිටපු එකා තමයි ටිකක් සැක. කොහොමහරි වැඩේ අතහැරලා දාලා ටයිනි එකට ගියා කන්න. "චිකන් කොත්තු 2යි මාළු දෙකයි." විනාඩි 15 කින් විතර ප්ලෙට් හතරකට දාලා ගෙනත් තිබ්බා, තියනකොටම මගෙ පොන් එකට කෝල් එකක් ආව ... නම වැටෙන්නේ ඉසුරුගෙ "අඩො උබේ පොන් එකෙන් කොල් එකක්" මන් පටස් ගාලා ආන්සර් කරා...... වයස 45-50 අතර, කලබලයක් නැති, ටිකක් ගොරොසු, උගුර ගෙවිච්ච වගේ කටහඩක් , ... ඔව් අන්කල් අපේ පොන් එකක් නැතිවුණා... අන්කල් මේ.......... " ඔව් මල්ලි දැන් මන් ගාව තිනවා... මල්ලිලා කොහෙද ඉන්නේ?"  ආ අයියේ අපි ඉන්නේ ටයිනි එක ගාව.. "අයියා කොහෙද ඉන්නේ? මල්ලි ඔහොමම ඉස්සරහට එන්නකො බන්දුල එක ගාවට....එතනින් තින ඇතුල් පාරේ ඉස්සරහට එන්න. ටිකක් සැකයිත් වගේ අවුලක් නෑ... මමයි තාරකයි, ඉසුරුයි ගියා ..... නදී විතරක් කැම ටික බලාගෙන ටයිනි එකේ....

                   අපි ඒ ගෙදරට ගියාම., මන් හිතුවා හරි 45-50 අතර වගේ අන්කල් කෙනෙක්..., දැත් අනුව බර වැඩ කරන කෙනෙක් ... නීට් එකට වැඩ කරන කෙනෙක් කියලත් තෙරුණා.එහෙම අය ඉන්නේ හමුදාවෙ වගෙනේ.. කතාකරනකොට එ අන්කල් කිව්වා අන්කල් වැඩ කරෙ පොලිසියේ කියලා..... "ශිට්.., මට පොලිසිය අමතක වුණානේ"  අන්කල් කිව්ව පොන් එක මඩ වල එරිලා වගෙ තිබුන නිසා ගලවලා පිහිදැම්මා කියලා. එත් පොන් එක, භුමිය එවැනි ලක්ෂණ පෙන්නුම් කරෙ නෑ. කමක් නෑ පොන් එක හම්බුනානේ... අපිට ඒ ගෙදරින් බිස්කට්, තේ හම්බුණා. නදී එ අතරේ කෝල් කරනවා , කැම හතරක් තියාගෙන ටයිනි එකේ .....  පැය බාගයක් විතර තිස්සේ අපි එ ගෙදර ... පස්සේ අපි ස්තුති කරලා ටයිනි එකට ආවා........... කොත්තුවත් නිවිලා, මන් කාපු චාටර්ම කොත්තුව තමයි එදා කැවේ..

Sunday, September 18, 2011

ජනාධිපතිතුමා දුන් ලන්ච් එක

මේ කියන්න හදන්නේ අවුරුදු කිහිපයකට පෙර නොසැලකිල්ල සිදුවු එක්තරා විදියක අපරාධයක් පිළිබදවයි.
මෙහි නම් , ගම් , කාලය ගැන සදහන් කල නොකරමි.

ඔහු මුලික අධ්‍යාපනය ලැබුවේ ලංකාවේ ප්‍රසිද්ධ පාසලක. සාමාන්‍ය පෙළින් පසු උසස් අධ්‍යාපනය සදහා තොරා ගත්තේ ගණිත අංශයයි. ඔහු පාසලේ දක්ෂතම සිසුවෙක්, වාර කිහිපයකදිම දක්ෂතම සිසුවා ලෙස පිදුම් ලැබුවා. ---- වර්ශයේ ඔහු උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා. විභාගේ සම්පුර්ණෙන් අවසන් වුවාට පසු සහොදරයා ඇහුවා "කොහොමද මල්ලි විභාගේ ?" ඒත් ඔහු සැලකිය යුතු පිළිතුරක් දුන්නේ නෑ. ඔහොම කාලය ගෙවිලා ගියා. නොවැම්බර් 29 දින උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. ප්‍රතිඵල බලන්නත් ඔහුට එතරම් ආසාවක් තිබුණේ නෑ. ඒ මොහොතෙම යාළුවෙක් දුවන් අවා  "මචො උබට A4 යි දිස්ත්‍රික් ඉහළ රෑන්ක් එකක්". ඊට පස්සේ තමයි ඉස්කොලෙට ගියේ.

          ඔහොම කාලය සතුටින් ගෙවිලා ගියා....  මාස කිහිපයකට පස්සේ රටේ ඡන්දේ ,, එකල හිටපු ජනාධිපතිතුමා උසස් පෙළ හොදින් සමත් වුණු සිසුන්ට දිවා භෝජන සංග්‍රහයකට ආරාධනා කරලා තිබුණා. ඒ බව දන්වා එවන ලියුම එවලා තිබ්බේ පාසලට, සංග්‍රහය පැවැත්වන දිනට සතියකට පෙර. A3 B1 ට ලියුම ඇවිත් තිබුණා (පාසලෙන්). ඔහු සිතුවේ A3 B1 ලකුණු මට්ටම ඉහළ බවයි. සංග්‍රහය පැවෙත්වන දිනය දි පළ වුණු පත්තරේ, සංග්‍රහයට සහභාගි වන සිසුන්ගේ නම් දාලා තිබුණා. ඒ පත්තරේ බල බල හිටපු අංකල් ගෙදරට ඇවිත් මෙ "කොලුවෝ... පත්තරේ උබේ නම තිනවනේ මොකො ගියෙ නැත්තේ. "

 
        ලියුම නොලැබුණු නිසා පාසලට ගිහින් සොයා බලන විට ලියුම තවමත් පාසලේ. දැන් ඉතින් ලන්ච් එක ඉවරයි. මේ ගැන අර අංකල් ජනාධිපති ලේකම්ටත් ලිපියක් මගින් දන්වලා තිබුණා. වහාම නිලදාරින් ඇවිත් ඒ ගැන සොයා බැලුවා.මෙක නිකන් ජනාධිපතිතුමා එවපු ලිපියක් නොසලකා හැරියා වගෙ වැඩක්. ඇත්තටම ලියුම් බාර ගන්න පාසලේ නිළධාරියාට වුණු අතපසුවීමක්... මිනිස්සු අතෙන් වැරදි වෙනවනේ.. ඔහොම තමයි. අන්තිමට කොහොමහරි රාජකීය සංග්‍රහය මිස් වුණා.

Friday, September 16, 2011

විශ්ව සියපතින්.









                                                              විශ්වාස කරනවාද?
                                                              (විශ්ව සියපතින්.)

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...