Tuesday, March 27, 2018

කාසි

කාලෙකට පස්සේ ආවේ... විස්තර පස්සෙ කියන්නම්.. කා ගාවද මෙයින් එකක් තින්නෙ කියන්න.
 

Tuesday, July 2, 2013

පට්ට බඩ්ඩ

අද කට්ටියට කියන්න හදන්නේ පට්ට ගැජට් එකක් ගැන .. ඇත්තටම පොඩි ගැජට් එකක් හැබැයි වැඩ කරන විදිය නම් ටිකක් සංකීර්ණයි.. හැබැයි වැඩේ අල්ල ගත්තොත් නම් ගේමක් නෑ..  මෙන්න මෙකයි ගැජට් එක මෙක වැඩි පුරම අවශ්‍ය වෙන්නේ ස්මාර්ට් දුරකථන භාවිතා කරන ඇත්තන්ට..

අපි දන්නවා ස්මාර්ට් දුරකථන වල භාවිතා වන්නේ ඔපන් සොස් මෘදුකාංගයක්. අපි එකට ඇප්ලිකෙෂන් එකතු කරන්නේ ගුගල් මාකට් එකෙන් නැත්නම් ප්ලේ ස්ටො එකෙන්.. ස්මාර්ට් පොන් වල ඔක්කොම දෙවල් වෙන්නේ ගුගල් හරහා. මොකද ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් ගුගල් ලගේ.. එක නෙවෙයි වැඩෙ.. .., අපිට ඇප් එකක් install කරන්න ඕන වුනොත් අපිට එක බාලා install කරන්න වෙනවා. ආයි uninstall කරොත් පසු කාලෙක ඕන වුනොත් නැවත් බාන්න සිද්ද වෙනවා. මේ ගැජට් එකෙන් අපිට ඇප් එක direct බා ගන්න පුළුවන්. එතකොට කැමති වෙලාවක දාගන්නයි අයින් කරන්නයි පුළුවන්.. ගුගල් එකෙන් නම් කෙලින්ම අපිට ගැජට් බාන්න දෙන්නෙ නෑ.. නමුත් මේ ගැජට් එක හරහා පුළුවන්...

මෙන්න ලින්ක් එක ,
මෙකට කියන්නේ real apk leecher කියලා.. බාගෙන ඇති තරම් ඇන්ඩ්‍රොයිඩ් ඇප් බා ගන්න....

Sunday, February 3, 2013

සංවාදයට විවෘතයි


කවුද කියන්නේ ලංකාව නිදහස් කියලා....,


අන්න ඒතනයි තාම මිනිස්සු ඉන්නේ 48 ලියවිල්ල අත්සන් කරාට ලංකාව ස්වාධින වුනේ නෑ.. තාමත් ඒ කාලේ වගෙමයි . ඇත්තටම කියන්න තින්නේ ලංකාවට තාමත් තින්නේ සීමා වු ආර්ථික නිදහසක්.. ලංකාව තුල තාම ක්‍රියාත්මක වෙන්නේ සුද්දගේ නීතියක්.. ඉතින් කොහොමද කියන්නේ අපි නිදහස් රටක් කියලා.. විවෘත ආර්ථිකෙට නිදහස වුනත් මිලට ගන්න පුලුවන්.. අද දවසෙත් දුක් විදින පීඩිත ජනතාවක් රටේ වෙසෙනවා ඉතින් කොහොමද අපි නිදහසක් සමරන්නේ... අපිට අපේ කියලා දෙයක් ඇත්තෙම නෑ,,.. ඔක්කොම මේ නිදහස සමරන්නේ ආර්ථීකේට පිංසිද්ධ වෙන්න.. ආර්ථිකයක් නැතිනම් නිදහස ගැන හිතන්නවත් මිනිස්සුන්ට බෑනේ.. දවසේ වේල ගැටගහගන්න එකා කොහොමද නිදහසක් ගැන හිතන්නේ..

මේ කියන එක වැරදි වෙන්නත් ඇති.. මට හිතෙන විදියට කිව්වේ ..නිදහස කියන්නේ නිදහසේ සමරන එකක් නෙවෙයි ,නිදහස කියන්නේ එක්ව නැගී සිටිමක්., එක්ව සටන් කිරිමක්., පුජනීය ජාතික ගීයත් වෙනස් කරන්න කට්ටියක් දගලනව, ඉස්සරහට තව මොනවා වෙයිදත් දන්නේ නෑ.. සිංහ කොඩියේ සිංහයා ඉදිවිද දන්නෙත් නෑ...මතක තියා ගනිව් සිංහයා ඉන්නේ රන් ලේ ඇති පසුබිමෙක...ඒක අමතක කරන්න එපා..හෙට මේ පුණ්‍ය භූමියේ උපදින එකත් ලෝක බැංකුවට බර ගානක් ණයයිලු .. ඉතින් ඔන්න නිදහස....!! , නිදහස් දවස කියලා එදා විරයන් නිදහසේ  හිටියනම් දැන් තින නිදහසවත් තියෙවිද.. එකයි කිව්වෙ නිදහස කියන්නේ නැගීටිමක් කියලා සැමරීමක් නෙවෙයි..ඒ විසු උත්තරීතරයන්ගේ වටිනාකම තියන්න..ඒ දිනු නිදහසක් ආට්ථික ප‍ටු නිදහසකට බාල්දු කරන්න එපා.. තව කියන්න ඕන තරම් දේවල් නම් තිනවා ඒත් ඔය ඇති...


ස්තුතියි,...!!

Monday, January 28, 2013

සබඳ අපි


මේ කට්ටියම සනීපෙන් ඉන්නවද???..............:D

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැ‍ඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින

නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන

(-ගුනදාස කපුගේ)

= අපි තාමත් එතනමයි..., හී හී කොහොමද කට්ටියට.. ඔන්න ආවා ආයි...
පොඩි දෙයක් කියන්නම් ගලේ ගැහුවත් මරන්න බෑ හී හී. තාම පණ පිටින් ඉන්නවා...!! ඇත්තටම මේ කයි වුනේ.. මේ හැම එකම ටිකක් නවත්තලා පොඩි ජොබ් එකක් කරන්න ගියා.ඒ අතරේ ලැප් එකේ හාඩ් එකත් කෙලවෙලා ලියපු ගොඩක් දේවල් නැතිවුණා,,.

කට්ටියට කියන්න මේ ටිකේ ලියන්න කියන්න හිතුනේ නෑ... ඇයි කියන්න දන්නේ නම් නෑ..කොහොම වුනත් කොල්ලා ටිකක් දියුණු වුණා මේ කාලේ.. :D .. කාලෙකින් යාළුවොන්ගේ රස කතා ටිකක්වත් කියවන්න වුනේ නෑ.. සොරි වේවා එකට.!!...හී හී කට්ටියට අපිව අමතක වෙලත් ඇත්තේ..

ඒ වගේම තව වැඩක් පටන් ගත්තා .. ඒක තමයි මේ No OrDinarY.. හී හී

හරී ... ඔක්කොම හරී කියමුකෝ.. මන් කියනවා  "අලී ගැන හිතන්න එපා" ඔගොල්ලෝ මොනවා ගැනද හිතන්නේ??? ඊළගට ඒකෙන් හමුවෙමු...!!


Friday, September 7, 2012

කඳු පාර ඇත අයිනේ .. (මල කෙලියයි)


අද විචාරයෙන් හිතුවා කලාවට අදාල දෙයක් කථා කරන්න...,
 ඕන්න මෙහෙමයි...,

අපේ ඉස්සර කාලේ හිටියා හෙන සුප්‍රසිද්ධ ගායකයෝ..ආයි ඔරිජිනල්ම සෙට් එක. ඒ කට්ටිය නැත්නම් මේ තියෙන ප්‍රමාණයකවත් සංගීත කලාවක් ලංකාවේ ඉතිරි වෙන්නේ නෑ.. ඒ කාලේ හිටපු ගායකයන් ගේ වැඩි ගීත ප්‍රමාණයක් ලියවුනේ ස්ටෙජ් වලට . ඒ කියන්නේ ප්‍රසිද්ධ වෙදිකාවට..ඒ කාලේ හයිස් පීඩ් රිද්ම තිබ්බේ නෑ.. ලොකු වායින් කියලා තාක්ෂණයකුත් තිබ්බේ නෑ. ඒ වුනාට ඒ කාලේ හිටපු මිනිස්සුන්ට ඒ තිබ්බ තාක්ෂණය තමයි සුපිරි.., ඒ තාක්ෂණය භාවිතා කරල තමයි ඒ ගීත කියවුනේ.. ගායකයා ගේ හඬ වුනත් රිමික්ස් කරලා තිබුනේ නෑ.. සුපිරිසිදු ගායනයක්.. ඒ නිසාමත් වෙන්න ඇති මේ තාක් කලුත් ඉදිරියටත් ඒ ගීත ‍රැකිලා තියෙන්නේ .. ඇත්තම කියනව නම් විනෝද චාරිකාවක් ගියත් ඇහෙන්නේ ඒ කාලේ සින්දු. ..(අයියෝ ට්‍රිප් යන්න එපා වෙනවා .. ඒ සින්දු අහලවත් නෑ) ඇත්ත ඉතින් දැන් යන සින්දු වල ඔක්කොම මිනිස්සුන්ට මතක නෑ.. ඇයි කඩ්ඩෙනුත් ඒක කියනවනේ..

ඔන්න ඔහොම යන අතරේ දැන් ගායකයන් පරණ ගායකයන්ගේ සින්දු රිමෙක් කරලා එයාගේ කටහඩෙන් අලුත් තාක්ෂණයත් මුසු කරලා කියනවා. ඒක ඔරිජිනල් එකට වඩා හොද වෙන්නත් පුළුවන් නරක් වෙන්නත් පුළුවන්. ඒක එක් එක් කෙනා දකින විදිය . මොන දේ වුනත් සාපෙක්ෂයිනේ.... හැබැයි එහෙම සාපෙක්ෂයි කියලා අලුත් ගායකයෙක් එයාගේ කටහඩින්, අතීත සුපිරි ගායකයෙක් ගේ වටිනාම ගිතයක් ගැයුවා කියලා ඒ මනුස්සයට සින්දුව කාලා තව අනන් මනන් කියලා නිගා කරන එක වැරදි..මොකද.. ඒ මනුස්සයත් කරන්නේ තමන්ගේ උපරිම පුළුවන් කමින්..,බැරි නම් මිනිහා සින්දු කියන්න එන්නේ නෑනේ.. අනික පෙර ගායකයා ගායනය කියන විට ඒ සින්දුව දැනිච්ච නැති කෙනෙකුට, අලුත් ගායකයා ඒ සින්දුවම ගායනය කරන විට හද පත්ලටම (බොක්කට නෙවෙයි) දැනෙන්න පුළුවන්. අන්න ඒකයි රසාස්වාදය කියන්නේ.... ඒක එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් .. එහෙනම් ඒක වැරදි කියලා දකින කෙනෙක් බොරුවට ඩයල් එකක් කියලා පෙන්නන්නැතුව කෑ නොගහ හිටියනම් හරි.. හැබැයි අලුත් ගායකයාගේ වගකීමකුත් තිනවා පෙර ගීතයේ වටිනාකම තියන්න..

මටත් මේ පොස්ට් එක ලියන්න, එහෙම වැදිච්ච සින්දුවක් තිනවා. ඇත්තටම මේ ගීතය පෙර ගායනා කරනවිට අහල තිබුනත් එච්චර දැනිලා තිබුන්නෑ..(රසස්වාදය වෙනස් නේ) කලින් මෙම ගීතය ගායනා කරන්නේ මිල්ටන් මහත්තයා..අලුත් රිමෙක් එක කියන්නේ නවක ගායකයෙක්. වැඩි හරියක් දෙනා බැනලා තිබුනා මේ ගිතය විනාස කරලා කියලා. නමුත් මට නම් එහෙම දැනිලා නෑ. මන් මේ ගිතය මුළු ‍රැයක් පුරාම, මේ ලිපිය ලියන තුරුම ඇහුවා. මට මේ රිමෙක් එක හොදට දැනුනා.  මන් හිතන්නේ කලින් සිනුත් මතක වුනා.. :O



අහලා බලන්න මේ ගීතය ..,
කඳු පාර ඇත අයිනේ
සද රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
මේ ගීත රාවේ ඇසේවා.. ජීවීතේ පුරා


  යාළුවී දෙවටේ එදා                   
 කී කතා අසා                             
පාළුවි හැඩුවා සදා 
මාරුතේ පවා..

කඳු පාර..

ගං ඉමේ මාදං කැලේ
පාසලේ පුරා
මා සොයා ආවා වගේ
වෙන්වෙලා ගියා

කඳු පාර.......................


           

Tuesday, August 14, 2012

අඩුවට හොද බඩු.. (ඉක්මණට එන්න අද විතරයි)


.  සේල් සේල් සේල්...

ලාභයි ලාභයි..
  මිස් කරගන්න එපා
චාන්ස් එක
ආයි ජිවිතේට එන එකක් නෑ..
හදවතට වහල් වෙන්නත් එපා.
බුද්ධියට වහල් වෙන්නත් එපා..
මොකද දෙකම අස්ථායි..
හදවත වත් බුද්ධියවත් නියත නෑ..
කවුද කියන්නේ බුද්ධිය අස්ථායි කියලා..
ඇයි බීපුවාම ඒක ස්ථායි ද?? හී හී

මේ මේ ...,  ගිටර් එකක් විකුණන්න තීනවා .. ගන්නවද???? වැඩි ගාණක් නෑ.. හැබැයි ගෙවන්න දෙන්නෙත් නෑ.. 4000 ක් විතර වගේ වෙන්නේ.. ආයි මේ වගේ සුපිරි බඩුවක් මේ ගාණට ගන්න පුළුවන්ද?? යුස් කරලා තින්නේත් මාස  6ක් වගේ.. භාණ්ඩේ නම් සුපිරි..


























                 මෙය මිලදි ගැනිමට අවශ්‍යතාවයක් ඇතිනම් අදම විමසන්න..
                 
                                            ජය වේවා...!!

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...