you made a big mistake
yes..,
you made a big mistake
Baby, I am a very simple man
I Speak Frankly and Understand things simply...,
It's the first time
I Started thinking...differntly because of U.
The entire journey i kept thinking up a way to stop you,
not to let you go..
and tell you that I really like you ...
And if you think i am okay .. then let's get relationship...
And we'll breeze through
life together just like these past two days.
But the guy up there has strange ways.
He kept building my confidence and then when we got here...
he change the entire story.
you must wondering why am i telling you all this right now..,
Because I can't see U right now...
please don't get me wrong
I understand that you belongs to someone else
and there's nothing to between us,nor can ever be.
but wherever whenever you need a friend
just remember that there is a man across the border
who will give his life for you.
Friday, July 27, 2012
Wednesday, July 25, 2012
රෙඩ් ලේබල්
අහා.. අද කියන්න හදන්නේ ෂොට් එකක කතාවක්.
අම්මා තාත්තා ළඟ ඉද්දි හොරාට බීලා තින කට්ටිය ඉන්නවන්ම් කියන්න බලන්න. එහෙම කට්ටියත් ඇති.. :D :D ඔන්න ඒ වගේ කතාවක් තමයි කියන්න හදන්නේ..!
මේ ළඟදි දවසක නෑදැ වෙන අයියා කෙනෙක්ගේ මඟුල් ගෙදරක් තිබුණා. අපේ ගෙදර කට්ටියත් ඒකට සහභාගි වුණා.අපේ අයියා කාරයත්..(ලොකු අම්මගේ පුතා. ) ඕකට ආවා. අපි දෙන්නා හිටියේ එක මේසේ.. ඉතින් දැන් එක එක කට්ටිය ඇවිත් අපිත් එක්ක කතා කරනවා.. ඒ වුනාට ඒ කතාකරන කට්ටිය කවුරුවත් මට මතක නෑනේ. පස්සේ තමයි අරුගෙන් දැන ගත්තේ කාගේ කවුද කොහෙද කියලා.. එක වෙලාවකදි අපි හිටපු මෙසෙට නැදැයො ටිකක් සෙට් වුණා. ඉතින් ඔය වල් පල් කතා කර කර ඉන්න අතරේ වෙල්කම් ඩ්‍රින්ක් එකටත් පස්සේ පොඩි ග්ලාස් එකකට දුඹුරු පාට මොනවද දාගෙන සර්වන්ට් කෙනෙක් ආවා.
"මේ ඔයි අර මොනවද??
මන් හිතන්නෙ වයින්, කැමට කලින් දෙන්නේ..!
ඒ තාත්තා ඉන්නවනේ දැක්කොත් හරි නෑනේ.."
ඔයි ඔක ගැහුවට මුකුත් වෙන්නෙ අනේ ඔක වයින් එකක්." එහෙම කියලා අයියා වයින් එකක් ගත්තා, මන් මුල් පාර ගත්තේ නෑ. මූ කොහොමත් ගෙදර දිත් වයින් පෙරන නිසා මූ අරක බිව්වා. දැන් මටත් ටිකක් දාගන්න ඕන.., ඉතින් මන් අර සර්වන්ට් අයියා දිහා අමුතු විදියට බලන් හිටියා. මිනිහට වැඩෙ තේරුණා වගේ මගේ ලගට ඇවිත් වයින් එකක් තියලා ගියා. වෙලාවටම අපේ එකා "බය නැතුව බොනවා ඔක ප්‍රශ්ණයක් නෑ " කිව්වා. මන් ඉතින් උගුරක් බිව්වා. කට්ටිය ඒ වෙලාවේ ෆන් එකෙනේ හිටියේ වැඩිය ගානක් නෑ. වැඩේ කියන්නේ අපේ තාත්තා නම් ඔවා කටේ තියන්නේ නෑ මන් අරකින් බිව්වා නිසා තාත්තත් එකේ රස බැලුවා.
ඔහොම ඉන්න අතරේ වෙන අයියා කෙනෙක් ඇවිත් මල්ලිලා "දෙන්න අර පැත්තට යමුද ඇහුවා". මම නම් ඉතින් ඕන වෙලාවක. ප්‍රශ්නේ තින්නේ තාත්තා දැක්කොත් අඩ්‍රසුත් නෑ..
" මේ අයියේ අර පැත්තට යමු....."
" මට නම් අවුලක් නෑ. . ඒත් මට ඔහෙව එක්ක යන්න බෑ. .. යන්න ඕන නම් "තාත්තේ මන් බොනවා කමක් නැද්ද බිව්වට " කියලා අහලා අවසර අරන් එනවා.
"අනේ මෝඩ හරකෝ තාත්තගෙන් ඕක අහන්න පුළුවන් යෑ.."
ඔහොම ඉදිද්දි තාත්තා හිටිය නෑදෑ මාමලා එක්ක බාර් එක පැත්තට ගියා.තාත්තා නම් ඔවා කටේ තියන්නේ නෑ.කතා කර කර ඉන්න ඕන නිසා යන්න ඇත්තේ.. ටික වෙලාවකට පස්සේ අයියයි මායි ඒ පැත්තට රිංගුවා. මු මට ගන්න දෙන්නෙම නෑ,.. " මට බෑ චාටර් වෙන්න තාත්ත්ගෙන් අහලා එනව" .මු කියනවා.
හරි ඔහේ දාගන්නවකෝ.. මු ගිහින් රෙඩ් ලෙබල් එකේන් දාගෙන මෙසෙන් ගිහින් වාඩි වුනා. මමත් පොර වගේ මුලින් කෝක් විතරක් දාගෙන බයිට් එකකුත් අරගෙන ඒ මෙසෙන් වාඩි වුනා.
" මේ ඔය මොනවයි බොන්නේ" තාත්තා ඇහුවා. " ආ මෙන්න තාත්තේ කෝක් , ටිකක් ඕනද?? ඔය අතරෙම අම්මත් එතනට ආවා. "මෙන්න මේ ගොල්ලෝ. ආ තමුසෙත් මෙතනද ඔය මොනවයි?? "නෑ අම්මේ මේ කෝක්.." මන් එහෙම කියලා අම්මට ග්ලාස් එක දුන්නා .අම්ම උගුරු දෙකක් බීලා ආ කෝක් නේ.." කියලා ආයි ඇතුලට ගියා.
ඊට පස්සේ මන් තව කෝක් එකක් දාගෙන එන්නම් කියලා ගිහින් රෙඩ් එකෙන් හොදට දාන් කොක් චුට්ටක් දාගෙන ලස්සනට ගැහුවා." සැක හිතන්න දෙයකුත් නෑ.. අවුලකුත් නෑ..

Saturday, July 14, 2012
රකිවු...
මේ කියන ටික කොච්චර දුරට සාධාරණද නැද්ද යන්න මට තේරෙන්නෙ නෑ.. එත් මිනිස්සු මේ ගැන කතා කළ යුතුයි යැයි හැගෙන නිසා, පොඩි සටහනක් ලිවිමට සිතුවෙමි ..!!
බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු
සැඩොලා උනත් සුදනෙකු නම් පුටුව දෙනු
හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා උනත් විරුවකු නම් ගරු කරනු....
බුදු හිමි ජේසු හිමි නබි හිමි වැද පුදනු
දැකොත් කුළ නොදුටු උන් පණ පිළිපදිනු
වැදි බණ මැදින් මුණි බණ තොරා අසනු
වැදි බණ දෙසන සඟ ඝන වුව පිටුදකිමු
සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
පාවා දෙන එවුන් මුණට කෙළ ගසනු
කසයෙන් තලා හිස පලදා කටු ඔටුනු
ජනයා අභිමුවෙ උන් නිරුවත් කරමු....
රජෙකුගේ වුවත් වරදට කෑ මොර ගසනු
මොර දෙන මුවේ රන මී පැණි ඉවත ලනු
නිවරදි කරනු බැරි රජු නෙරපා හරිනු
වරදට කිපෙනු සටනට වැද ජය ලබනු...!!!
මේ ගීතය අප කවුරුත් අසා ඇත. මේ ගීතය ඇතුළත් ගී ඇල්බමය තහනමට ද පවා ලක්විය. නමුත් මේ ගීතයෙන් කතා කරන්නෙ සංශොධනය විය යුතු කාරණා ගැන නොවේද? සාධාරණය, සමානාත්වය මිනිසුන්ගේ හදවතට තාමත් කාවැදි නැතැයි සිතමි.. මෙය දෙශපාලනික හෝ වෙනත් ආණ්ඩු ක්‍රමයක් විග්‍රහ කිරිමක් නොව ,මිනිසුන් ගේ ක්‍රියා කලාපයන් අනුව සමාජයේ සිදුවන සංහාරය අනුව අනාගතය යථාර්ත එකක් වේ යැයි කිව නොහැකිය. මේ ගීතය වදින්න තැන් වලට කෙළින්ම වදින පරිදි සැදුනු ශ්‍රේෂ්ථතම නිර්මාණයකි.. අද වෙන්නේ ඕකද කියලාත් හිතලා බලන්න...!!

Friday, July 6, 2012
18 13 6.30
දැකලා තිද 18 සන්නියක වෙන්නේ මොනවද තින්නේ මොනවද කියලා....??? දැකපු නොදැකපු හැමෝටම මෙන්න අවස්ථාවක්......
ඇවිත් ම බලන්න...
ඔන්න කඩ්ඩේන්....,
ඇවිත් ම බලන්න...
ඔන්න කඩ්ඩේන්....,
දුටු නොදුටු සියල්ලන්ම පැමිණේත්වා......!!
මම නම් යනවා, ඔහොම එකක් මන් දැකලා නෑ.... මට ඔකේ යකා මොනවගේද කියලා බලාගන්නත් ඕන..
ඉස්සර ලොකු ලොක්කොන්ගේ දොලදුකට නටන්න යක්කු හිටියා ,. එත් අපේ තීන දොලදුක් වලට නටන්න යක්කු ඉන්නවද කියන එකයි ප්‍රශ්ණේ.. කොහොම වුනත් මේ අපේ සංස්කෘතියේ කොටසක්..
අළුත් අත්දැකීමක් වෙයි...
එන්න අපිත් එක්ක රැය පහන් වන තුරු.....!!!!
Tuesday, June 12, 2012
ක්‍රිස් ගේල්...
හිතුවා පොඩි විචාරයක් කරන්න. විචාරයක් කිව්වට එහෙම ම විචාරයක් නෙවෙයි. කට්ටිය බැලුවද දන්න නෑ මේ ෆිල්ම් එක. "සුපර් සෙක්ස් නෑ නෑ සුපර් සික්ස්" ඇත්තටම ඔය ෆිල්ම් එකට දෙන්න පුළුවන් හොදම නම මොකක්ද?
ඔන්න දවසක් අපි ටික දෙනෙක් කතාවෙලා ගියා ඔය ෆිල්ම් එක බලන්න. එකේ වැඩිහිටියන්ට පමණයි කියලා කොහෙවත් ගහලා තිබුනේ නම් නෑ.. එ වුනාට මොකො අපි කොහොමත් 18+ නේ... අපි ඇතුලට යන කොටත් අන්තිම පේළි හරිය ටිකක් පිරිලා. ඉතින් අපි හොද තැනක් බලල වාඩි වුනා.. වාඩි වුනා විතරයි මගේ එහා පැත්තේ වාඩි වුනා කියහන්කො වයසක ආච්චි කෙනෙක්,අපිටමයි මේ වගේ කටු හම්බෙන්නේ. ඇයි අප්පා ලස්සන කෙල්ලෙක්ට එතන වාඩි වෙන්න හිටියෙ නැත්තේ.. ආච්චිට අර ස්ක්‍රින් එක පේනවද දන්නේත් නෑ.. මට නම් වැඩේ හිරිකිතයි වගේ. ඒ මදිවට ඉස්සරහ පේළියෙම හිටියේ සිස්සත්වේ ලියන්න ඉන්න වගේ පොඩි එවුන් ටිකක්.. වට පිට බැලුවාමත් ඉන්නේ හිච්චි කොලු පැටවු. මෙකේ නම් තින්නේ සුපර් සික්ස් කියලනේ පොඩි එවුන් හිතන්න ඇති මේකේ ඩිල්ෂාන් ලා ජයසුරියලා ඉන්නව ඇති කියලා.
ඒ මොනව වුනත් දැන් ෆිල්ම් හෝල් වල වැඩිපුරම ඉන්නේ පොඩි එවුන්.. කපල් වලට දැන් එකේ ඉඩ නෑ... :D
ඔන්න දැන් ෆිල්ම් එක පටන් ගත්තා.. පිස්සු හැදෙනවා ඔයි..හුවක් තියන්නවත්, කුප්ප කතාවක් කියලා ෆන් එකක් ගන්නවත් විදියක් නෑ.. කොහෙද ආච්චි කෙනෙක් ඉන්නවනේ. මන් ශේප් එකේ එහා පැත්තට පැන්නා.ඒ පැත්තේ හිටියේ අපේ නදියා..
"ඒ බන් මේ බලහන්කෝ පිස්සු හැදෙනවා නේ....,
"ඇයි... උබ ඊට වඩා හොද එවා දැකලා නැද්ද...
"මේකේ පොඩි එවුමුත් ඉන්නවනේ...."
ගණන් ගන්න එපා බන්.. බලන් හිටපන්"
ඔහොම ෆිල්ම් එක යන ගමන් එක පාරටම කරන්ට් එක ගියා. ඒ වෙලාවෙම බල්ලෙක් බුරන්න ගත්තනේ ඉස්සරහ පේළියකින් ... ඒ සීන් එකට මුළු හෝල් එකටම හිනා... ඊට පස්සේ මෝටරයක් ස්ටාට් කරන සද්දේ ඇහුනා.. අපේ එකෙක් කෑ ගහනවා "අන්න අරු වතුර මෝටරේ ගහලා".. එකට කට්ටියට තව හිනා..
ඇත්තටම ෆිල්ම් එකට හොදට වියදම් කරලා තිනවා, නළු නිළියෝ ගොඩක් අරන් තිනවා.., හදේ ගහගන්න එවා ටිකක් තිනවා..හොද ප්ලෙස් ටිකක ෂූට් කරලා තිනවා. ලස්සනයි... කතාව පටන් ගන්නේ ඉවර වෙන්නේ කොහොමද කියලානම් මම තාම දන්නේ නෑ.. ඔය ෆිල්ම් එක ලංකාවට ගැලපෙනවද කියන ප්‍රශ්ණේ ඔගොල්ලගෙන් ඇහුවොත් මොකක්ද කට්ටිය දෙන උත්තරේ??? ලංකාව ඒ මට්ටමට පත්ව ඇත්ද? පවුලේ සැමට එකට ගිහින් ඕක බලන්න පුළුවන්ද? ලංකාවෙ ඔයිට වඩා වැඩ තීන ෆිල්ම් ආවා හබැයි එවා ආවේ "වැඩිහිටියන්ට පමණයි " කියන ලේබල් එක ගහලා.බොලිවුඩ් , හොලිවුඩ් ටිකක් මික්ස් කරලා කොට කලිසම් ඇද ගත්ත අක්කලා ටිකක් ලස්සනට නට නට පෙන්නන එවා ලංකාවෙ තීන පවුල් සංස්කෘතියට කොහොම ගැළපෙනවද කියන එක පොඩි ප්‍රශ්ණයක් තිනවා. තරුණ කොල්ලො කෙල්ලොන්ට නම් කිසිම ප්‍රශ්ණයම් නෑ.. ෆිල්ම් එකෙ වැරැද්දක් කියනවා එහෙම නෙවෙයි... ලංකාව තාම ඒ තත්වෙට ඇවිත් නෑ කියන එක නම් තේරෙනවා...
ඔන්න පවුලක් එනවා ඔය ෆිල්ම් එක බලන්න. ඒ පවුලේ ඉන්නවා කටකාර කොල්ලෙක් .., ඒ කොල්ලා අහනවා තාත්තගෙන් " ඇයි තාත්තේ අර අක්කා අර කොට ඒවම ඇදන් ඉන්නේ" ...? මොකක්ද දෙන උත්තරේ...? එක එක රටවලට ගැළපෙන සංස්කෘති අපේ රටට කොහොම ගැළපෙනවා ද කියන එක පළමුව සිතිය යුතුයි.. ...අපිටනම් මොනවා වුනත් එකයි.. ඒත් ලංකාවෙ සමහර සමාජ මට්ටම් වලට කොහොම යයි ද කියන එක තමයි ප්‍රශ්ණේ... සමහර විට මේ ෆිලිම් එක ඉදිරි සිනමා ගමනේ වෙනස් වීමක, එක හැරීමක පළමු පියවරක් වෙන්න පුළුවන්...
සුභ පෑතුම්..!!
කොහොමවුනත් ලස්සන සින්දු ටිකක් තිනවා... :ඵ්
(පින්තුර ගූගල් එකෙන්)

Friday, June 8, 2012
ආවා... ආවා...ආවා....
ආවා.. ආවා...ආවා... අලුත් වෙලා.., වෙනස් වෙලා.., පරක්කු වෙලා ආවා.. ඇත්තටම අපේ කට්ටියට මතකද දන්නේත් නෑ... කියන්න යාළුවනේ ගොඩක් කාලෙකින් පොඩි පොස්ට් එකක් වත් දාන්න බැරි වුනා..යාළුවොන් දාපු එවා හරියට කියවන්නත් බැරි උනා. ගොඩක් upset වැඩෙට. ඔන්න අද ඉදන් නම් දිගටම ඉන්නවා..
කියන්න දේවල් නම් හම්බානෙක තිනවා. ඉන් ටිකක් තමයි., ඇග කිළිපොලා යන දර්ශණ සහ ජවනිකා ඇතුලත්,මතක් වෙනකොටත් ඇඩෙන ආදර කන්දේ ඛෙදවාචකය ද, ගහපු මුල්ම අඩිය ද.. ලගදීම බලාපොරොත්තු වන්න..!! (ඔය එක එක ගැණුන්ට බයේ අපි නොලිය ඉන්න ඕනය..මට මොකක් වුනත් එකයි.මොන එකෙක් වත් ලොකු නෑ.).
ඒ විතරක් නෙවෙයි.. තව තිනවා.. කට්ටිය 71, 89 කාල වල වෙච්ච දේ හරියටම දන්නවද. අපේ තාත්තත් මේ කතා දැන්නේ මට කියන්නේ.තාත්තා කියනකම් මේ දෙවල් ගැන දැන ගෙන හිටියේ නෑ.ඊට පස්සේ මන් හොයපු විස්තර යි, හොයන්න බැරිවෙන්න කරපු අපරාධයි. සාක්ෂී විරහිත, නොගැලපෙන කතා ඇතුලත් "7189" ද බලාපොරොත්තුවන්න... (අර කිව්වා වගේ මේවා ලියලා ලෙඩ වැටෙයිද දන්නේ නෑ.. හැබැයි කලු පැල්ලමක් ගැන තමයි ලියන්න තින්නේ.ප්‍රේක්ශක ප්‍රතිචාර අනුව තමයි ඉතින් ලියන්න වෙන්නේ..)
"රුහුණු කුමාරියේ ඇසෙන කතා" බුද්ධි විචාර සංග්‍රහයද සතියෙන් සතිය ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. බලන්න එපාය රුහුණේ එනකොට ඇහෙනෙ රස කතා.. තුන්වෙනි පන්තියේ ප්‍රවෙශ පත්‍ර රැගෙන දෙවන පන්තියේ ගිය පෙම්වතාගේ හා පෙම්වතියගේ වික්‍රමාන්විත ගමන.(ඔන්න මම නම් නෙවෙයි.. අද වෙච්ච සීන් එකකුත් නෙවෙයි.අද ඒක මතක් වුනා).. මේ ටික කොහොමහරි ලියනවා..
හෝව් හෝව් තව ඉවර නෑ.. තව එකක් තිනවා .. මේක තමයි හොදම කතාව "කැළණි පාලමට ගැසු සපත්තුව" .. (සත්‍ය සිදුවීමකි, ප්‍රධාන චරිතය - මම / අප්‍රධාන චරිතය -#$%%^&)... ළහදීම....
ඉතින් හමුවෙමු.. රැදී සිටින්න අප සමඟම.

Friday, April 27, 2012
Java සරලව (3)
ජාවා කේතනය...,
අපි කලින් පාඩම් වලින් ජාවා ක්‍රියාත්මක වන ආකාරයත් වැඩ කරන ආකාරයත් ඉගෙන ගත්තා. මෙම පාඩමින් ජාවා කේත හා එවායින් සිදුවන දේ ඉගෙන ගනිමු.
පහත ඇති කේතය බලන්න...,
class Example1{
public static void main(String args[]){
System.out.println("I'm the one");
}
}
මෙම කේතය, notepad එක විවෘත කරගෙන එහි type කරන්න.ඉන් පසුව එය Example1.java යන අකාරයට පරිගණකය තුල තමාට පහසු තැනක සුරකින්න. අනතුරුව cmd එක ලබාගෙන java ලෙස type කර enter කරන්න.එවිට ජාවා හි ඇති දෑ ඔබට නිරික්ෂණය කල හැක. ඉන් පසුව ඔබ Example1.java එක සුරකි තැනට cmd එක ආදාරයෙන් ගොස්, cmd හි javac Example1.java ලෙස type කර enter කරන්න.එවිට එම ස්ථානයෙ ම Example1.class එක සැදි ඇති ආකාරය බලා ගත හැක.නැවතත් cmd හි java Example1 ලෙස type කර enter කල විට අදාල ප්‍රථිඵලය නිරික්ෂණය කල හැක. එලෙස පහත කේතන ද සිදු කර බලන්න.
class Example2{
public static void main(String args[]){
System.out.println("My name is ......");
}
}
class Example3{
public static void main(String args[]){
System.out.println("abc");
System.out.println("abc");
System.out.println("abc");
}
}
මෙහි අප javac ලෙස දෙනුයේ අප ලියු source code එක byte code බවට compile කර ගැනිම සදහා දෙනු ලබන විදානයයි. ඉහත ක්‍රම මගින් අපට අවශ්‍ය දෙයක් නිරුපනය කරවා ගත හැක. println යෙදිම මගින් new line එකක අදාල දැ print වන අතර print පමනක් යොදා ඇති නම් එම පේළියේම නිරුපනය වේ.
integers හා variables
පහත කේතය සලකා බලන්න.
class Example4{
public static void main(String args[]){
int x;
x=100;
System.out.println("x");
}
} // {}නිවරදිව යොදන්න
මෙහිදි කේතය ක්‍රියාත්මක කල විට x අකුර print බව නිරික්ෂනය කල හැක. නමුත් අප මෙහිදි x සදහා 100 යන අගය ඇතුලත් කර ඇත.එය පරිගණකයේ අදාල ස්ථානයේ x නම් variable name එකක් යටතේ සුරැකී ඇත. මෙහි ("x") වෙනුවට (x) ලෙස ලබාදි print කලවිට x හි අගය නිරික්ෂණය වේ.
එසේ නම් පහත කේතනය සිදු කර අදාල ප්‍රතිපලය ලබා ගන්න...
class Example4{
public static void main(String args[]){
int x;
System.out.println(x);
}
}
ඊළග පාඩමින් හමුවෙමු.....!!

Subscribe to:
Posts (Atom)
AWS - Bastion server
How can we access (ssh) protected ec2 instance? Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...