හිතුවා පොඩි විචාරයක් කරන්න. විචාරයක් කිව්වට එහෙම ම විචාරයක් නෙවෙයි. කට්ටිය බැලුවද දන්න නෑ මේ ෆිල්ම් එක. "සුපර් සෙක්ස් නෑ නෑ සුපර් සික්ස්" ඇත්තටම ඔය ෆිල්ම් එකට දෙන්න පුළුවන් හොදම නම මොකක්ද?
ඔන්න දවසක් අපි ටික දෙනෙක් කතාවෙලා ගියා ඔය ෆිල්ම් එක බලන්න. එකේ වැඩිහිටියන්ට පමණයි කියලා කොහෙවත් ගහලා තිබුනේ නම් නෑ.. එ වුනාට මොකො අපි කොහොමත් 18+ නේ... අපි ඇතුලට යන කොටත් අන්තිම පේළි හරිය ටිකක් පිරිලා. ඉතින් අපි හොද තැනක් බලල වාඩි වුනා.. වාඩි වුනා විතරයි මගේ එහා පැත්තේ වාඩි වුනා කියහන්කො වයසක ආච්චි කෙනෙක්,අපිටමයි මේ වගේ කටු හම්බෙන්නේ. ඇයි අප්පා ලස්සන කෙල්ලෙක්ට එතන වාඩි වෙන්න හිටියෙ නැත්තේ.. ආච්චිට අර ස්ක්‍රින් එක පේනවද දන්නේත් නෑ.. මට නම් වැඩේ හිරිකිතයි වගේ. ඒ මදිවට ඉස්සරහ පේළියෙම හිටියේ සිස්සත්වේ ලියන්න ඉන්න වගේ පොඩි එවුන් ටිකක්.. වට පිට බැලුවාමත් ඉන්නේ හිච්චි කොලු පැටවු. මෙකේ නම් තින්නේ සුපර් සික්ස් කියලනේ පොඩි එවුන් හිතන්න ඇති මේකේ ඩිල්ෂාන් ලා ජයසුරියලා ඉන්නව ඇති කියලා.
ඒ මොනව වුනත් දැන් ෆිල්ම් හෝල් වල වැඩිපුරම ඉන්නේ පොඩි එවුන්.. කපල් වලට දැන් එකේ ඉඩ නෑ... :D
ඔන්න දැන් ෆිල්ම් එක පටන් ගත්තා.. පිස්සු හැදෙනවා ඔයි..හුවක් තියන්නවත්, කුප්ප කතාවක් කියලා ෆන් එකක් ගන්නවත් විදියක් නෑ.. කොහෙද ආච්චි කෙනෙක් ඉන්නවනේ. මන් ශේප් එකේ එහා පැත්තට පැන්නා.ඒ පැත්තේ හිටියේ අපේ නදියා..
"ඒ බන් මේ බලහන්කෝ පිස්සු හැදෙනවා නේ....,
"ඇයි... උබ ඊට වඩා හොද එවා දැකලා නැද්ද...
"මේකේ පොඩි එවුමුත් ඉන්නවනේ...."
ගණන් ගන්න එපා බන්.. බලන් හිටපන්"
ඔහොම ෆිල්ම් එක යන ගමන් එක පාරටම කරන්ට් එක ගියා. ඒ වෙලාවෙම බල්ලෙක් බුරන්න ගත්තනේ ඉස්සරහ පේළියකින් ... ඒ සීන් එකට මුළු හෝල් එකටම හිනා... ඊට පස්සේ මෝටරයක් ස්ටාට් කරන සද්දේ ඇහුනා.. අපේ එකෙක් කෑ ගහනවා "අන්න අරු වතුර මෝටරේ ගහලා".. එකට කට්ටියට තව හිනා..
ඇත්තටම ෆිල්ම් එකට හොදට වියදම් කරලා තිනවා, නළු නිළියෝ ගොඩක් අරන් තිනවා.., හදේ ගහගන්න එවා ටිකක් තිනවා..හොද ප්ලෙස් ටිකක ෂූට් කරලා තිනවා. ලස්සනයි... කතාව පටන් ගන්නේ ඉවර වෙන්නේ කොහොමද කියලානම් මම තාම දන්නේ නෑ.. ඔය ෆිල්ම් එක ලංකාවට ගැලපෙනවද කියන ප්‍රශ්ණේ ඔගොල්ලගෙන් ඇහුවොත් මොකක්ද කට්ටිය දෙන උත්තරේ??? ලංකාව ඒ මට්ටමට පත්ව ඇත්ද? පවුලේ සැමට එකට ගිහින් ඕක බලන්න පුළුවන්ද? ලංකාවෙ ඔයිට වඩා වැඩ තීන ෆිල්ම් ආවා හබැයි එවා ආවේ "වැඩිහිටියන්ට පමණයි " කියන ලේබල් එක ගහලා.බොලිවුඩ් , හොලිවුඩ් ටිකක් මික්ස් කරලා කොට කලිසම් ඇද ගත්ත අක්කලා ටිකක් ලස්සනට නට නට පෙන්නන එවා ලංකාවෙ තීන පවුල් සංස්කෘතියට කොහොම ගැළපෙනවද කියන එක පොඩි ප්‍රශ්ණයක් තිනවා. තරුණ කොල්ලො කෙල්ලොන්ට නම් කිසිම ප්‍රශ්ණයම් නෑ.. ෆිල්ම් එකෙ වැරැද්දක් කියනවා එහෙම නෙවෙයි... ලංකාව තාම ඒ තත්වෙට ඇවිත් නෑ කියන එක නම් තේරෙනවා...
ඔන්න පවුලක් එනවා ඔය ෆිල්ම් එක බලන්න. ඒ පවුලේ ඉන්නවා කටකාර කොල්ලෙක් .., ඒ කොල්ලා අහනවා තාත්තගෙන් " ඇයි තාත්තේ අර අක්කා අර කොට ඒවම ඇදන් ඉන්නේ" ...? මොකක්ද දෙන උත්තරේ...? එක එක රටවලට ගැළපෙන සංස්කෘති අපේ රටට කොහොම ගැළපෙනවා ද කියන එක පළමුව සිතිය යුතුයි.. ...අපිටනම් මොනවා වුනත් එකයි.. ඒත් ලංකාවෙ සමහර සමාජ මට්ටම් වලට කොහොම යයි ද කියන එක තමයි ප්‍රශ්ණේ... සමහර විට මේ ෆිලිම් එක ඉදිරි සිනමා ගමනේ වෙනස් වීමක, එක හැරීමක පළමු පියවරක් වෙන්න පුළුවන්...
සුභ පෑතුම්..!!
කොහොමවුනත් ලස්සන සින්දු ටිකක් තිනවා... :ඵ්
(පින්තුර ගූගල් එකෙන්)
Tuesday, June 12, 2012
Friday, June 8, 2012
ආවා... ආවා...ආවා....
ආවා.. ආවා...ආවා... අලුත් වෙලා.., වෙනස් වෙලා.., පරක්කු වෙලා ආවා.. ඇත්තටම අපේ කට්ටියට මතකද දන්නේත් නෑ... කියන්න යාළුවනේ ගොඩක් කාලෙකින් පොඩි පොස්ට් එකක් වත් දාන්න බැරි වුනා..යාළුවොන් දාපු එවා හරියට කියවන්නත් බැරි උනා. ගොඩක් upset වැඩෙට. ඔන්න අද ඉදන් නම් දිගටම ඉන්නවා..
කියන්න දේවල් නම් හම්බානෙක තිනවා. ඉන් ටිකක් තමයි., ඇග කිළිපොලා යන දර්ශණ සහ ජවනිකා ඇතුලත්,මතක් වෙනකොටත් ඇඩෙන ආදර කන්දේ ඛෙදවාචකය ද, ගහපු මුල්ම අඩිය ද.. ලගදීම බලාපොරොත්තු වන්න..!! (ඔය එක එක ගැණුන්ට බයේ අපි නොලිය ඉන්න ඕනය..මට මොකක් වුනත් එකයි.මොන එකෙක් වත් ලොකු නෑ.).
ඒ විතරක් නෙවෙයි.. තව තිනවා.. කට්ටිය 71, 89 කාල වල වෙච්ච දේ හරියටම දන්නවද. අපේ තාත්තත් මේ කතා දැන්නේ මට කියන්නේ.තාත්තා කියනකම් මේ දෙවල් ගැන දැන ගෙන හිටියේ නෑ.ඊට පස්සේ මන් හොයපු විස්තර යි, හොයන්න බැරිවෙන්න කරපු අපරාධයි. සාක්ෂී විරහිත, නොගැලපෙන කතා ඇතුලත් "7189" ද බලාපොරොත්තුවන්න... (අර කිව්වා වගේ මේවා ලියලා ලෙඩ වැටෙයිද දන්නේ නෑ.. හැබැයි කලු පැල්ලමක් ගැන තමයි ලියන්න තින්නේ.ප්‍රේක්ශක ප්‍රතිචාර අනුව තමයි ඉතින් ලියන්න වෙන්නේ..)
"රුහුණු කුමාරියේ ඇසෙන කතා" බුද්ධි විචාර සංග්‍රහයද සතියෙන් සතිය ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. බලන්න එපාය රුහුණේ එනකොට ඇහෙනෙ රස කතා.. තුන්වෙනි පන්තියේ ප්‍රවෙශ පත්‍ර රැගෙන දෙවන පන්තියේ ගිය පෙම්වතාගේ හා පෙම්වතියගේ වික්‍රමාන්විත ගමන.(ඔන්න මම නම් නෙවෙයි.. අද වෙච්ච සීන් එකකුත් නෙවෙයි.අද ඒක මතක් වුනා).. මේ ටික කොහොමහරි ලියනවා..
හෝව් හෝව් තව ඉවර නෑ.. තව එකක් තිනවා .. මේක තමයි හොදම කතාව "කැළණි පාලමට ගැසු සපත්තුව" .. (සත්‍ය සිදුවීමකි, ප්‍රධාන චරිතය - මම / අප්‍රධාන චරිතය -#$%%^&)... ළහදීම....
ඉතින් හමුවෙමු.. රැදී සිටින්න අප සමඟම.

Friday, April 27, 2012
Java සරලව (3)
ජාවා කේතනය...,
අපි කලින් පාඩම් වලින් ජාවා ක්‍රියාත්මක වන ආකාරයත් වැඩ කරන ආකාරයත් ඉගෙන ගත්තා. මෙම පාඩමින් ජාවා කේත හා එවායින් සිදුවන දේ ඉගෙන ගනිමු.
පහත ඇති කේතය බලන්න...,
class Example1{
public static void main(String args[]){
System.out.println("I'm the one");
}
}
මෙම කේතය, notepad එක විවෘත කරගෙන එහි type කරන්න.ඉන් පසුව එය Example1.java යන අකාරයට පරිගණකය තුල තමාට පහසු තැනක සුරකින්න. අනතුරුව cmd එක ලබාගෙන java ලෙස type කර enter කරන්න.එවිට ජාවා හි ඇති දෑ ඔබට නිරික්ෂණය කල හැක. ඉන් පසුව ඔබ Example1.java එක සුරකි තැනට cmd එක ආදාරයෙන් ගොස්, cmd හි javac Example1.java ලෙස type කර enter කරන්න.එවිට එම ස්ථානයෙ ම Example1.class එක සැදි ඇති ආකාරය බලා ගත හැක.නැවතත් cmd හි java Example1 ලෙස type කර enter කල විට අදාල ප්‍රථිඵලය නිරික්ෂණය කල හැක. එලෙස පහත කේතන ද සිදු කර බලන්න.
class Example2{
public static void main(String args[]){
System.out.println("My name is ......");
}
}
class Example3{
public static void main(String args[]){
System.out.println("abc");
System.out.println("abc");
System.out.println("abc");
}
}
මෙහි අප javac ලෙස දෙනුයේ අප ලියු source code එක byte code බවට compile කර ගැනිම සදහා දෙනු ලබන විදානයයි. ඉහත ක්‍රම මගින් අපට අවශ්‍ය දෙයක් නිරුපනය කරවා ගත හැක. println යෙදිම මගින් new line එකක අදාල දැ print වන අතර print පමනක් යොදා ඇති නම් එම පේළියේම නිරුපනය වේ.
integers හා variables
පහත කේතය සලකා බලන්න.
class Example4{
public static void main(String args[]){
int x;
x=100;
System.out.println("x");
}
} // {}නිවරදිව යොදන්න
මෙහිදි කේතය ක්‍රියාත්මක කල විට x අකුර print බව නිරික්ෂනය කල හැක. නමුත් අප මෙහිදි x සදහා 100 යන අගය ඇතුලත් කර ඇත.එය පරිගණකයේ අදාල ස්ථානයේ x නම් variable name එකක් යටතේ සුරැකී ඇත. මෙහි ("x") වෙනුවට (x) ලෙස ලබාදි print කලවිට x හි අගය නිරික්ෂණය වේ.
එසේ නම් පහත කේතනය සිදු කර අදාල ප්‍රතිපලය ලබා ගන්න...
class Example4{
public static void main(String args[]){
int x;
System.out.println(x);
}
}
ඊළග පාඩමින් හමුවෙමු.....!!

Wednesday, April 25, 2012
අවසන් ලියුම..?
අවසන් ලියුමයි ඔබට ලියන්නේවිරහා කදුළු රැදි පෑනෙන්
කියවා හැඩුවත් මට නම් කම් නෑ
මගේ හිත අද තද නින්දේ........
එයා පැලැන්දු මංගල මුදුවේ
ආඩම්බර කම මම දුටිමි
ගෙල වට කරහ්ගෙන ලැමදේ ලගිනා
මංගල මාලය මම දුටිමි
අබරණ අන්දන රන්වන් ඉහිලු
සදාතනික ආදරය නොවේ
කියවා හැඩුවත් මට නම් කම් නෑ
මගේ හිත අද තද නින්දේ
පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවකු නෑ දන්නේ
වෙන දිගෙක ගිය ඔබට වඩා.....!!!
යාළුවනේ මේ තියෙන්නේ මන් ආසම ගායකයකු ගැයු පිවිතුරුම විරහා ගීයක්. නමුත් ඔහු දැන් මෙලොව හැර ගිහින්. සමහර මිනිස්සුන්ට නම් මෙලෝ රහක් නැති ගායකයෙක් කියලා දැනෙන්න හිතන්න ඇති. නමුත් ඔහු අදහස් කරපු දේ , ඔහු කරපු දේ අති විශාලයි. ගායකයකු යනු සින්දුවක් නිවරදිව අංග සම්පුර්ණව කියන්නෙකු නොවේ,නමුත් සින්දු කියන්න දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්.
මේ පොස්ට් එක ලියන්නෙත් ඔහුගේ ගීයක් රස විදිමින්. ඇත්තටම මේ ගීය මට ටිකක් මට සමීපයි. ම්ම්ම්ම්... මොනව වුනත් හොද ගායකයෙක් අප අතරින් වෙන්ව ගියා. ඔහුට නිවන් සුව...!!!
Wednesday, April 18, 2012
උපරිම තව 5 යි
.
කාලෙකින් මේ පැත්තේ එන්න වුනේ.. ලෙඩ ගොඩක්, එක පිට එක වැටුනු නිසා හෙල්ලෙන්න බැරි වුණා. කොහොමවුනත් මේ කියන්න හදන්නේ තව ඉස්සරහට වෙයි කියලා හිතෙන සිදුවීමක්.හැබැයි දේශපාලනයම නෙවෙයි. දැන් රට ගලා යන ආකාරයට හැමදේම පුද්ගලීකරනය වීමේ නැඹුරුතාවයක් ඇතිවෙමින් යනවා. එක අතකින් පුද්ගලීකරණය වුනොත් නාස්තිය අවම කර ගැනිමේ හැකියාවක් තිනවා, නිකන් පඩි කන එවුන්ටනම් බඩේ පාර වදිනවා.වැටුප ගෙවිය යුත්තේ අදාල තැනැත්තා වැඩ කරන ප්‍රමාණයටයි.
කොහොමවුනත්, මේ විදියට ගියොත් ඉක්මනටම පුද්ගලීකරනය වෙන්නේ අධ්‍යාපන දෙපර්තුමෙන්තුවයි. ලොවෙත් ෂුවර් තව වැඩිකල් යන්න කලින් නිදහස් අධ්‍යාපනය නැති වෙනවා.හැමදේම මුදලට යට වෙනවා. මේ සිදුවීම් ගානට නුලට දශමෙට ක්‍රියාත්මක වෙමින් යන්නේ. ගිය වසරේ උසස් පෙළ උත්තර පත්තර වල ප්‍රශ්ණයක් ඇතිවුනේ මේ සංකිර්ණ සැලසුමේ අදියරක් සම්පුර්ණ කරමින්. කොහොමවුනත් ඉස්සරහට ගමේ පාසල පන්සලටම ඇදෙනවා. එවිට නිදහස් අධ්‍යාපනය පවතින්නේ පන්සල යටතේ විතරයි, අනිත් සියළුම පාසල් සල්ලිවලට යට වෙනවා. ගම්වල ඉන්න දුප්පත් ලමයින්ට බුදු සරණයි ඉතින්. මේ සංකිර්ණ සැළසුම් සිදුවෙන්නේ පවතින රජයේ අනුදැනුමින් නැතිනම් රජයට වඩා බලගතු සංවිධානයකින්.
දැන් හැම තැනම වගේ ඩීග්‍රි ඕන තරම් සල්ලිවලට ගන්න පුළුවන්.ඉස්සරනම් රජය යටතේ පවතින විශ්ව විද්‍යාල වල පමණයි. නමුත් වෛද්‍ය උපාධියත්, පරිගණක ඉංජිනේරු උපාධිත් කලමණාකරන උපාධිත් අදාල පුද්ගලික ස්ථානවලින් ලබා ගන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න ඔය වෙනස් ඩීග්‍රී තුන, හතරම දෙන්නේ වෙනස් ආයතන කිහිපයකින්,ඔය ආයතන තුන එකට එකතුවුනොත් එක කෙලින්ම කැම්පස් එකක් වෙනවා. තනිකරම පුද්ගලික විශ්ව විද්‍යලයක්. අනාගත්යෙදි බුදු ෂුවර් ඔය ආයතන ටික එකට එකතු වෙනවා. ඉට පස්සේ ටිකෙන් ටික රජය යටතේ පවතින අධ්‍යාපන ක්‍රමයට කන කොකා හැඩීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. තව ප්‍රසිද්ධ කාරණාවක් තිනවා.. ඒක කිව්වොත් සුවර් ........... එකක් මාව හොයාගෙන එනවා.
තව පුරස්නයක් තිනවා විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පඩි වැඩ කරන්නේ නැත්තේ ඇයි කියන එක ....? එත් දැන් නම් එක තේරෙනවා, පඩි අඩු නිසා ආචාර්ය වරු පඩි වැඩි පුද්ගලික විශ්ව විද්‍යාල සොයා යනවා..එත් සමහර ආචාර්ය වරුන් මොන දේ වුනත් පෙර විශ්ව විද්‍යාල සමග සිටිනවා. ඒත් අතලොස්සයි... ඉතින් ඉට පස්සේ වෙන එක කියන්න ඕන නෑනේ. යාළුවනේ හිතන තරම් මෙවා ලේසි නෑ... තව කියනව නම්ගොඩක් දේවල් කියන්න අහැකි.සමහර කට්ටියගේ බැංකු අකවුන්ට් පිරෙනවන්ම් මේ රටේ තව මොනවා කරන්න බැරිද???
කාලෙකින් මේ පැත්තේ එන්න වුනේ.. ලෙඩ ගොඩක්, එක පිට එක වැටුනු නිසා හෙල්ලෙන්න බැරි වුණා. කොහොමවුනත් මේ කියන්න හදන්නේ තව ඉස්සරහට වෙයි කියලා හිතෙන සිදුවීමක්.හැබැයි දේශපාලනයම නෙවෙයි. දැන් රට ගලා යන ආකාරයට හැමදේම පුද්ගලීකරනය වීමේ නැඹුරුතාවයක් ඇතිවෙමින් යනවා. එක අතකින් පුද්ගලීකරණය වුනොත් නාස්තිය අවම කර ගැනිමේ හැකියාවක් තිනවා, නිකන් පඩි කන එවුන්ටනම් බඩේ පාර වදිනවා.වැටුප ගෙවිය යුත්තේ අදාල තැනැත්තා වැඩ කරන ප්‍රමාණයටයි.
කොහොමවුනත්, මේ විදියට ගියොත් ඉක්මනටම පුද්ගලීකරනය වෙන්නේ අධ්‍යාපන දෙපර්තුමෙන්තුවයි. ලොවෙත් ෂුවර් තව වැඩිකල් යන්න කලින් නිදහස් අධ්‍යාපනය නැති වෙනවා.හැමදේම මුදලට යට වෙනවා. මේ සිදුවීම් ගානට නුලට දශමෙට ක්‍රියාත්මක වෙමින් යන්නේ. ගිය වසරේ උසස් පෙළ උත්තර පත්තර වල ප්‍රශ්ණයක් ඇතිවුනේ මේ සංකිර්ණ සැලසුමේ අදියරක් සම්පුර්ණ කරමින්. කොහොමවුනත් ඉස්සරහට ගමේ පාසල පන්සලටම ඇදෙනවා. එවිට නිදහස් අධ්‍යාපනය පවතින්නේ පන්සල යටතේ විතරයි, අනිත් සියළුම පාසල් සල්ලිවලට යට වෙනවා. ගම්වල ඉන්න දුප්පත් ලමයින්ට බුදු සරණයි ඉතින්. මේ සංකිර්ණ සැළසුම් සිදුවෙන්නේ පවතින රජයේ අනුදැනුමින් නැතිනම් රජයට වඩා බලගතු සංවිධානයකින්.දැන් හැම තැනම වගේ ඩීග්‍රි ඕන තරම් සල්ලිවලට ගන්න පුළුවන්.ඉස්සරනම් රජය යටතේ පවතින විශ්ව විද්‍යාල වල පමණයි. නමුත් වෛද්‍ය උපාධියත්, පරිගණක ඉංජිනේරු උපාධිත් කලමණාකරන උපාධිත් අදාල පුද්ගලික ස්ථානවලින් ලබා ගන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න ඔය වෙනස් ඩීග්‍රී තුන, හතරම දෙන්නේ වෙනස් ආයතන කිහිපයකින්,ඔය ආයතන තුන එකට එකතුවුනොත් එක කෙලින්ම කැම්පස් එකක් වෙනවා. තනිකරම පුද්ගලික විශ්ව විද්‍යලයක්. අනාගත්යෙදි බුදු ෂුවර් ඔය ආයතන ටික එකට එකතු වෙනවා. ඉට පස්සේ ටිකෙන් ටික රජය යටතේ පවතින අධ්‍යාපන ක්‍රමයට කන කොකා හැඩීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. තව ප්‍රසිද්ධ කාරණාවක් තිනවා.. ඒක කිව්වොත් සුවර් ........... එකක් මාව හොයාගෙන එනවා.
තව පුරස්නයක් තිනවා විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පඩි වැඩ කරන්නේ නැත්තේ ඇයි කියන එක ....? එත් දැන් නම් එක තේරෙනවා, පඩි අඩු නිසා ආචාර්ය වරු පඩි වැඩි පුද්ගලික විශ්ව විද්‍යාල සොයා යනවා..එත් සමහර ආචාර්ය වරුන් මොන දේ වුනත් පෙර විශ්ව විද්‍යාල සමග සිටිනවා. ඒත් අතලොස්සයි... ඉතින් ඉට පස්සේ වෙන එක කියන්න ඕන නෑනේ. යාළුවනේ හිතන තරම් මෙවා ලේසි නෑ... තව කියනව නම්ගොඩක් දේවල් කියන්න අහැකි.සමහර කට්ටියගේ බැංකු අකවුන්ට් පිරෙනවන්ම් මේ රටේ තව මොනවා කරන්න බැරිද???
Sunday, April 8, 2012
උල්කාපාතයක්
කට්ටිය මේ සින්දුවේ තේරුම දන්නවද?????
ගොඩක් හිතුවා මෙකෙන් මොකක්ද කියන්නේ කියලා එත හරියටම තේරුමක් හිතා ගන්න අමාරුයි.. ඔගොල්ලො දන්නවනම් ඒ ගැන පහලින් සදහන් කරන්න. කොහොමවුනත් ආයි සුපිරිම නිර්මාණයක් කියලා කියන්න පුළුවන්..
අළු පාට වළාකුළු කථාවක් නෑ.
තරු නිවී තරු නිවී රාත්‍රියේ.
සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං.
ගිනි අරන් ගිනි අරන් මොනවක් හොයන්.
උල්කාපාතයක්, අහසේ ගිනි අරන්.
අළු වෙලා පොළවට වැටෙනා, උල්කාපාතයක්.
අහස් කාන්තාරයේ නන්නාඳුනනා ජීවිතේ.
ආලෝක වර්ෂ ගෙවා ආදරේ අරමුණක් සොයා.
පොළවට වැටෙනා දේවතා එළියක්.
ගිනි ගත්ත තරු එළියක්....

Saturday, March 31, 2012
ජාවා පාත් සහ ක්‍රියා කිරිම
හරි ... එදා අපි දැන ගත්තා ජාව, අපගේ පරිගණකයට install කරගන්නේ කොහොමද කියලා. අද ලියන්න හදන්නේ ජාවා අපගේ පරිගණකයේ වැඩ කරන හැටි. ජාවා දැම්මයින් පස්සේ අපි ජාවා සදහා පාත් එකක් සැදිය යුතු වෙනවා. එය සාදන ආකාරය පහත රූප මගින් තේරෙවි. එමගින් තමයි අප අදාල programme එක Run වීමට අවශ්‍ය දත්ත, ගැජට් ලබා ගැනීම හා ඇති ස්ථානය තීරණය කරන්නේ. තව සරලවම කිව්වොත් codes, ජාවා file එකක් හරහා run කිරිමට, අප ජාවා install කර ඇති ස්ථානය පරිගණකයට පෙන්වා දිමක්.
ජාවා වලට පාත් එක සැදිමට මෙමෙ ක්‍රමය භාවිතා කල හැක.
පළමුව Desktop එකහි Right Click කිරිමෙන් ලැබෙන dialog box එකේ personalize මගින් පහත window එක ලබා ගන්න.
ඉන්පසුව මෙහි වම් පස ඇති Advances System settings වෙත පිවිසෙන්න. එවිට පහත ආකාරයේ window එකක් ලැබෙවි.
අනතුරුව මේ properties එකේ Environment Variables මත click කරන්න. එවිට පහත ආකාරයෙන් Environment Variables එකක් ලැබෙවි.
පසුව මෙහි දක්වා ඇති පරිදි system variables එකේ path වෙත පිවිස edit යතුර click කරන්න.
එවිට පහත ආකාරයේ box1 ලැබෙවී.
හරි දැන් වැඩේ සම්පුර්ණෙන්ම පාහේ ඉවරයි. ඔගොල්ලන්ට දැන් කරන්න තින්නේ ඔගොල්ලො java toolkit එක install කරපු තැනට ගිහිල්ල ,එහි ඇති bin file1 ඇතුලට ද ගොස් ඒ file එකෙ location එක copy කරලා රූපයේ පරිදි paste කිරිමයි.
(ex- මම install කර ඇත්තේ D partition එකේ java jdk කියල file එකක නිසා රූපයේ පෙනෙන ආකාරයෙන් මට location1 පැමිණ ඇත.ඔබට ජාවා Run වන බව නිසකවම දැන ගැනිමට අවශ්‍ය නම් cmd එක ලබා ගෙන java ලෙස type කර enter කර බලන්න.එය ක්‍රියා කරන ආකාරය ඔබට දිස්වේ.
හරි...., දැන් අපි coding ගැන බලමු.
මුල්ම පොස්ට් එකේ සදහන් කරා වගේ notepad open කරලා අරගෙන අපි අපගේ කේතය ලිවිමට අවශ්‍ය වෙනවා.එසේ අපි ලියන කොඩ් වලට source code ලෙස හදුන්වන්න පුළුවන්. එම කොඩ්ස් human readable නැතිනම් මිනිසාට තේරෙන ආකාරයෙන් ලියන කොඩ්ස්. එය තේරුම් ගැනීමේ හැකියාවක් පරිගණකය සතුව නැහැ. අපට සිදුකිරිමට අවශ්‍ය කාර්යය යම් නිස්චිත ක්‍රමයකට ලියා ගැනිම තමයි මෙහිදි සිදුකරන්නේ.නමුත් මෙහිදිද මෙය ලිවිය යුතුවන ක්‍රමයක් තිබෙනවා.. ඒ ගැන අප ඉදිරියේදි බලමු.
අපි එසේ ලියන ලද කොඩ්ස් පරිගණකයට තේරුම් ගැනිමට හැකිවන පරිදි හැරවිය යුතු වෙනවා. එයට convert/ compile කිරිම ලෙස ද හදුන්වා දිය හැකියි. එසේ හැරවීම සිදු කරන්නේ අපි ජාවා install කිරිමෙදි ඒ සමග install වෙන java compiler එකකින්. එසේ compile වීමෙන් පසු ලැබෙන කොඩ්ස් වලට byte codes ලෙස හදුන්වනවා. ඒවා කොහෙත්ම අපට නම් තේරුම් ගැනිමට අපහසුයි.එය human readable නැහැ. එය තේරුම් ගැනිම ජාවා වල ඇති Java virtual machine(jvm) මගින් සිදු කරයි.ඉන් පසුව එම code 1 අපගේ පරිගණකයේ ඇති cmd වෙත ගොස් අප සැපයු කාර්යය සිදුකරයි.
පහත රූපය බලන්න....
මෙහි අප ලියන source code එක name.java ආකාරයෙන් සුරකිය යුතුයි. compile වීමෙන් පසුව ලැබෙන bytecode එක ලැබෙන්නේ classname.class කියන නමින්.ඒ වෙනසින් අපට source code එක හා bytecode එක වෙන් කර හදුනා ගන්න පුළුවන්.
යාළුවනේ ඔගොල්ලන්ට තේරෙවි ජාවා වැඩ කරන කොට පොඩි රවුම්ක් කරකැවෙනවා. ඒ කියන්නේ process වෙන පියවර ගනන වැඩි. ඒ කියන්නේ ජාවා ටිකක් slow.
coading වලින් හමුවෙමු..

Subscribe to:
Posts (Atom)
AWS - Bastion server
How can we access (ssh) protected ec2 instance? Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...