හරි ... එදා අපි දැන ගත්තා ජාව, අපගේ පරිගණකයට install කරගන්නේ කොහොමද කියලා. අද ලියන්න හදන්නේ ජාවා අපගේ පරිගණකයේ වැඩ කරන හැටි. ජාවා දැම්මයින් පස්සේ අපි ජාවා සදහා පාත් එකක් සැදිය යුතු වෙනවා. එය සාදන ආකාරය පහත රූප මගින් තේරෙවි. එමගින් තමයි අප අදාල programme එක Run වීමට අවශ්‍ය දත්ත, ගැජට් ලබා ගැනීම හා ඇති ස්ථානය තීරණය කරන්නේ. තව සරලවම කිව්වොත් codes, ජාවා file එකක් හරහා run කිරිමට, අප ජාවා install කර ඇති ස්ථානය පරිගණකයට පෙන්වා දිමක්.
ජාවා වලට පාත් එක සැදිමට මෙමෙ ක්‍රමය භාවිතා කල හැක.
පළමුව Desktop එකහි Right Click කිරිමෙන් ලැබෙන dialog box එකේ personalize මගින් පහත window එක ලබා ගන්න.
ඉන්පසුව මෙහි වම් පස ඇති Advances System settings වෙත පිවිසෙන්න. එවිට පහත ආකාරයේ window එකක් ලැබෙවි.
අනතුරුව මේ properties එකේ Environment Variables මත click කරන්න. එවිට පහත ආකාරයෙන් Environment Variables එකක් ලැබෙවි.
පසුව මෙහි දක්වා ඇති පරිදි system variables එකේ path වෙත පිවිස edit යතුර click කරන්න.
එවිට පහත ආකාරයේ box1 ලැබෙවී.
හරි දැන් වැඩේ සම්පුර්ණෙන්ම පාහේ ඉවරයි. ඔගොල්ලන්ට දැන් කරන්න තින්නේ ඔගොල්ලො java toolkit එක install කරපු තැනට ගිහිල්ල ,එහි ඇති bin file1 ඇතුලට ද ගොස් ඒ file එකෙ location එක copy කරලා රූපයේ පරිදි paste කිරිමයි.
(ex- මම install කර ඇත්තේ D partition එකේ java jdk කියල file එකක නිසා රූපයේ පෙනෙන ආකාරයෙන් මට location1 පැමිණ ඇත.ඔබට ජාවා Run වන බව නිසකවම දැන ගැනිමට අවශ්‍ය නම් cmd එක ලබා ගෙන java ලෙස type කර enter කර බලන්න.එය ක්‍රියා කරන ආකාරය ඔබට දිස්වේ.
හරි...., දැන් අපි coding ගැන බලමු.
මුල්ම පොස්ට් එකේ සදහන් කරා වගේ notepad open කරලා අරගෙන අපි අපගේ කේතය ලිවිමට අවශ්‍ය වෙනවා.එසේ අපි ලියන කොඩ් වලට
source code ලෙස හදුන්වන්න පුළුවන්. එම කොඩ්ස් human readable නැතිනම් මිනිසාට තේරෙන ආකාරයෙන් ලියන කොඩ්ස්. එය තේරුම් ගැනීමේ හැකියාවක් පරිගණකය සතුව නැහැ. අපට සිදුකිරිමට අවශ්‍ය කාර්යය යම් නිස්චිත ක්‍රමයකට ලියා ගැනිම තමයි මෙහිදි සිදුකරන්නේ.නමුත් මෙහිදිද මෙය ලිවිය යුතුවන ක්‍රමයක් තිබෙනවා.. ඒ ගැන අප ඉදිරියේදි බලමු.
අපි එසේ ලියන ලද කොඩ්ස් පරිගණකයට තේරුම් ගැනිමට හැකිවන පරිදි හැරවිය යුතු වෙනවා. එයට convert/ compile කිරිම ලෙස ද හදුන්වා දිය හැකියි. එසේ හැරවීම සිදු කරන්නේ අපි ජාවා install කිරිමෙදි ඒ සමග install වෙන java compiler එකකින්. එසේ compile වීමෙන් පසු ලැබෙන කොඩ්ස් වලට
byte codes ලෙස හදුන්වනවා. ඒවා කොහෙත්ම අපට නම් තේරුම් ගැනිමට අපහසුයි.එය human readable නැහැ. එය තේරුම් ගැනිම ජාවා වල ඇති
Java virtual machine(jvm) මගින් සිදු කරයි.ඉන් පසුව එම code 1 අපගේ පරිගණකයේ ඇති cmd වෙත ගොස් අප සැපයු කාර්යය සිදුකරයි.
පහත රූපය බලන්න....
මෙහි අප ලියන source code එක
name.java ආකාරයෙන් සුරකිය යුතුයි. compile වීමෙන් පසුව ලැබෙන bytecode එක ලැබෙන්නේ
classname.class කියන නමින්.ඒ වෙනසින් අපට source code එක හා bytecode එක වෙන් කර හදුනා ගන්න පුළුවන්.
යාළුවනේ ඔගොල්ලන්ට තේරෙවි ජාවා වැඩ කරන කොට පොඩි රවුම්ක් කරකැවෙනවා. ඒ කියන්නේ process වෙන පියවර ගනන වැඩි. ඒ කියන්නේ ජාවා ටිකක් slow.
coading වලින් හමුවෙමු..