' එහෙම මතක් වෙච්ච ප්‍රශ්ණ කිහිපයක් තමයි මේ ඔගොල්ලන්ගෙන් අහන්න යන්නේ '
මෙහෙමයි.., අපේ රටේ විශ්ව විද්‍යාලවල විවිධ ක්ෂේත්‍ර වලට අදාල විවිධ විශයන් උගන්නනවා.ඒ ඒ විශයන්ට අදාලව, විශ්ව විද්‍යාල ප්‍රජාවට ලොකයේ ඔනම තැනක කැමති රැකියාවන් සදහා පිළිගත් උපාධියක් ලබාගන්න පුළුවන්.පරිගණක ක්ෂේත්‍රයක් ගත්තොත් යන්න පුළුවන් පැති රාශියක්ම තිනවා.... එත් කලා විශය ධාරාවකින් ඉස්සරහට යන්නේ නම්, යන්න පුළුවන් පැති සීමිතයි නේද? එත් කලාව කියන්නේ ඕනම මිනිසෙකු තුල තිබිය යුතු, රටේ සංස්කෘතියට බලපාන, රටක ඉතිහාසයට වටිනාකමක් එකතු කරන ක්ෂේත්‍රක්.
(සමහර) විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන් අතර (මේ කියන්නේ සාහිත්‍ය මහාචාර්යවරුන් ගැන) පෙර සිටම පිළිගෙන පැමිණි සාහිත්‍යයට විවිධ අංග එකතු කරමින් තමාට අවශ්‍ය පරිදි ගෙන යන කලාවකුත් නැතුවාම නෙවෙයි.ඒ කියන්නේ අනාගතයට යන සාහිත්‍ය විකෘති වු එකක්. ලංකාවේ සාහිත්‍ය දියුණුවට වැඩියෙන්ම උර දෙන්නේ විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන්, සිසුන්, සමස්ථයක් වශයෙන් කිව්වොත් විශ්ව විද්‍යාල ප්‍රජාව. ඔකට පිට ඉන්න කට්ටියට මුකුත් කරන්න බැරිද? විශ්ව විද්‍යාල යන්නෙ නැති සිසුවෙක්ට සාහිත්‍යට මෙහෙයක් කරන්න බැරිද? යටින් කියන්නෙ මෙකයි.." අද ඔය කලා විශය උගන්වන විශ්ව විද්‍යාලවල වැඩි හරියක්ම පාහේ කරන්නේ 'මාටින් වික්‍රමසින්හ ශුරීන්ගේ , කුමාරතුංග මුණිදාස ,වගේ ගත් කතුවරුන්ගේ පොත් පරිශිලනය කරන එක. ඒ ගත් කතුවරු එක්කෙනෙක්වත් (එකල) විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබපු අය නෙවෙයි.මන් හිතන්නේ ඉස්කොලේ ගියෙත් අටේ පන්තියට වෙනකම් විතරයි. පොත් කිහිපයක් පාඩම් කිරිමෙන් පමණක් ම දියුණුවක් ගැන හිතන්න අමාරුයි. සාහිත්‍යට කැපවෙන විශ්ව විද්‍යාල ප්‍රවෙශය නොලැබු ප්‍රජාවක් ඉන්නවා, ඔවුන්ට සාධාරණයක් වෙන්නෙ නැද්ද? අනාගතයේ මාටින් වික්‍රමසින්හලා වගේ ගත් කතුවරුන් බිහිවිය යුත්තේ විශ්ව විද්‍යාල වලින් පමණක්මද?
තව දෙයක් තිනවා ...." රටට බෞද්ධ සංස්කෘතිය ගෙන එන්න විශාල කැප කිරිමක් කරපු කෙනෙක් තමයි 'අනගාරික ධර්මපාල' කියන්නේ. එතුමා , එතුමාගේ අවසාන කාලය ගත කරන්න ලංකාවෙන් ගිය හේතුව ඔගොල්ලො දන්නව ඇතිනේ.. මේ සිංහලයට ලැබුණු බෞද්ධ සංස්කෘතිය තමාට ඕන විදියට වෙනස් කිරිමට ගත්ත උත්සහයක ප්‍රතිපල වශයෙන් නෙවෙයිද? " සියල්ල වෙනස් වෙනවා ඒක සාධාරණයි... නමුත් එය අතිතයට ,අනාගතයට ගැළපෙන පරිදි වෙනස් විය යුතුයි.
[ නිකන් හිතුන කාරණා ටිකක් ලිව්වේ.. වැරැද්දක් තිනව නම් කියන්න හොදේ...........]






