මේ කියන්න හදන්නේ අවුරුදු කිහිපයකට පෙර නොසැලකිල්ල සිදුවු එක්තරා විදියක අපරාධයක් පිළිබදවයි.
මෙහි නම් , ගම් , කාලය ගැන සදහන් කල නොකරමි.
ඔහු මුලික අධ්‍යාපනය ලැබුවේ ලංකාවේ ප්‍රසිද්ධ පාසලක. සාමාන්‍ය පෙළින් පසු උසස් අධ්‍යාපනය සදහා තොරා ගත්තේ ගණිත අංශයයි. ඔහු පාසලේ දක්ෂතම සිසුවෙක්, වාර කිහිපයකදිම දක්ෂතම සිසුවා ලෙස පිදුම් ලැබුවා. ---- වර්ශයේ ඔහු උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා. විභාගේ සම්පුර්ණෙන් අවසන් වුවාට පසු සහොදරයා ඇහුවා "කොහොමද මල්ලි විභාගේ ?" ඒත් ඔහු සැලකිය යුතු පිළිතුරක් දුන්නේ නෑ. ඔහොම කාලය ගෙවිලා ගියා. නොවැම්බර් 29 දින උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. ප්‍රතිඵල බලන්නත් ඔහුට එතරම් ආසාවක් තිබුණේ නෑ. ඒ මොහොතෙම යාළුවෙක් දුවන් අවා "මචො උබට A4 යි දිස්ත්‍රික් ඉහළ රෑන්ක් එකක්". ඊට පස්සේ තමයි ඉස්කොලෙට ගියේ.
ඔහොම කාලය සතුටින් ගෙවිලා ගියා.... මාස කිහිපයකට පස්සේ රටේ ඡන්දේ ,, එකල හිටපු ජනාධිපතිතුමා උසස් පෙළ හොදින් සමත් වුණු සිසුන්ට දිවා භෝජන සංග්‍රහයකට ආරාධනා කරලා තිබුණා. ඒ බව දන්වා එවන ලියුම එවලා තිබ්බේ පාසලට, සංග්‍රහය පැවැත්වන දිනට සතියකට පෙර. A3 B1 ට ලියුම ඇවිත් තිබුණා (පාසලෙන්). ඔහු සිතුවේ A3 B1 ලකුණු මට්ටම ඉහළ බවයි. සංග්‍රහය පැවෙත්වන දිනය දි පළ වුණු පත්තරේ, සංග්‍රහයට සහභාගි වන සිසුන්ගේ නම් දාලා තිබුණා. ඒ පත්තරේ බල බල හිටපු අංකල් ගෙදරට ඇවිත් මෙ "කොලුවෝ... පත්තරේ උබේ නම තිනවනේ මොකො ගියෙ නැත්තේ. "
ලියුම නොලැබුණු නිසා පාසලට ගිහින් සොයා බලන විට ලියුම තවමත් පාසලේ. දැන් ඉතින් ලන්ච් එක ඉවරයි. මේ ගැන අර අංකල් ජනාධිපති ලේකම්ටත් ලිපියක් මගින් දන්වලා තිබුණා. වහාම නිලදාරින් ඇවිත් ඒ ගැන සොයා බැලුවා.මෙක නිකන් ජනාධිපතිතුමා එවපු ලිපියක් නොසලකා හැරියා වගෙ වැඩක්. ඇත්තටම ලියුම් බාර ගන්න පාසලේ නිළධාරියාට වුණු අතපසුවීමක්... මිනිස්සු අතෙන් වැරදි වෙනවනේ.. ඔහොම තමයි. අන්තිමට කොහොමහරි රාජකීය සංග්‍රහය මිස් වුණා.
Sunday, September 18, 2011
Friday, September 16, 2011
සංගායනා...
මන් හිතුවා චුටී වෙනසක් කරන්න...
ඇත්තටම මෙක බුදු දහමේ වැදගත් කරුණු කතා කරන්න හොද අවස්ථාවක් කියලා හිතෙනවා...මිනිසුන්ගෙන් සිදුවන වැරදි අවම කර ගුණවත් සමාජයක් ඇතිකර ගැනිමට අප කටයුතු කර යුතුයි. එහෙම වුනොත් අපට අසන්නට ලැබෙන අපරාධ වලින් එකක් හරි අඩුවෙවි.
ඔබට අභිධර්මිය කාරණා ගැන මෙමගින් සාගඡ්චා කර ගැනිමට හැකි වෙවි.
ඔබට විමසිමට මේ සම්බන්ධ ගැටළු තිබෙ නම්ද මෙයට ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔබ සැමට තෙරුවන් සරණයි.
( මෙතනින් වැඩි විස්තර බලන්න )

ආදරයක තරම.......,(අවසාන කොටස)
මෙන්න මෙහෙමයි ඉතුරු ටික....
(පාපොච්චාරණය)
"අපි දෙන්නා ලංකාවට ඇවිත් හෝටලයක නැවතිලා හිටියා.කුඩාපාඩුව වෙරළ අසල නිවසක් අරගෙන හොටලයක් දාන්න තමයි අපි හිතාගෙන හිටියේ.....අපිට හොටලය දාන්න සල්ලි මදි වෙලා තිබ්බේ.... ඕස්ට්‍රලියාවෙන් ආපු නිසා ලොකු සල්ලියක් ගෙන්න බැරි උනා. මෙකට විසදුමක් හොයන කොට මතක් වුනා රොබෙකාගේ ජිවිත රක්ෂණය. එකෙ ලංකාවෙ මුදලින් කෝටි 3-4 අතර වගේ වෙනවා.( එකල මාධ්‍ය වාර්ථා). ඉතින් අපි එක ගන්න සැලසුම් කරා.....
අපි වාහන කුලියට දෙන තැනකින් කාර් අරගෙන, රෑ මීගමුව පොදු සුසාන භුමියෙන් මිනි වලක් හාරලා මිනි පෙට්ටිය අරගෙන මිනිය අරගෙන නැවත මිනි පෙට්ටිය දාලා වැහුවා.කළුවර නිසා පිරිමිද, ගැහැණුද කියලා අදුන ගන්න බැරි වුණා.මිනිය වාහනයේ දාගෙන ගිහින් ඔන කමින් වාහනේ ගහක හප්පලා රියදුරු අසුණේ මිනිය තියලා ගිනි තිබ්බා. ඊට පස්සෙ උදේ පොලිසියට ඇමතුමක් දීලා, අනුරාධපුරයට ගිය රොබෙකා නැවත නොපැමිනි ලෙසට." දැන්වුවා.
ඕන්න ඔහොමයි වුනේ.... (වාර්ථා ඇසුරින්).

මේ සිදුවිම් ආදරය නිසා වෙච්ච ඒවා. මා දකින්නේ මේක නිකන් film එකක් වගේ. එත් මෙක සත්‍ය සිදුවීමක්. බොලිවුඩ් චිත්‍රපට කතාකරන්නේ ආදරය මුලික කරගෙන , ඉන්දියාවේ වුණු සත්‍ය ප්‍රේම කතා ඇසුරින් . මේ ආදර කතාවලට එහෙම බැරිද? (හුදෙක් ආදර කතාවක් ලෙස පමණි)
ආදරයට ප්‍රණාමය.............!

Wednesday, September 14, 2011
තාත්තේ.......
මගේ ලෝකෙ මුල්ම වීරයා තමයි මගේ තාත්තා.මේ ලෝකෙ ඉපදුණු හැමොටම එහෙම තමයි.
ඉපදුණු දා ඉදලා මට හැම දේකටම හිටියේ මගේ තත්තා,...
මේ කියන්න හදන්නේ තාත්තයි පුතයි අතර උන එක් කතාවක් ......,
ඇත්තටම මට තාමත් හිතාගන්න බෑ....... ඕගොල්ලො විශ්වාස කරයිද කියන එක තමයි ප්‍රශ්නේ..
ගෙදරට වෙලා කොම්පියුට්ර් එක දාගෙන ගේම් ගහන එක තම්යි මගෙ රාජකාරිය,
ඒ කාලෙ මට බ්ලොග් තිබුන්නැ.. එත් මන් අයියා ලියන බ්ලොග් කියෙව්වා..
ඔහොම ඉන්නකොට තමයි නායකත්ව පුහුණුවට එන්න කියලා ලියුමක් ආවේ.
අනේ මට බෑ ඔවයේ ගිහින් චාටර් වෙන්න.මොන කම්මැලි වැඩක්ඩ.
තාරකයා කිව්වා අනුරාධපුර කැම්ප් එකෙ ඉදන් "අනේ බන් අපිව මඩවනවා" කියලා
එකෙන් මට තව එපා වුණා.
තාත්තා තමයි මාව එලෙව්වේ..., "වවුලා වගේ කොම්පියුට්ර් එකේ එල්ලිලා ඉන්නැතුව ඔහොම එකකට යනවා"
ඊට පස්සේම අචිර කොල් කරනවා.. "මට බූස්සේ උබට කොහෙද?"
මගුලක් කතාකරනවා "මට ගෙදර" මං එහෙම කිව්වා.
එදාම තාත්තා මාත් එක්ක ගිහින් කැම්ප් එකට ඔන බඩු අරන් දුන්නා.
ඉට පස්සෙ ඔන්න මං කැම්ප් ගියානේ..
එකෙ උන වින්නැහියම මන් කලින්ම ලිව්වා ....
ඊට පස්සෙ කැම්ප් එක ඉවර වෙලා ගෙදර ආවනේ.....
මුකුත් වෙනසක් නෑ.. ඔහේ කාලය ගතවුණා
එ අතරෙ තාත්තා මට සල්ලි දුන්නා ගිහින් ඩොන්ගල් එකක් ගන්න කියලා,..
ඇත්තටම එ සල්ලි මට බලේන් වගෙ දුන්නේ...,
මං ඉට පස්සේ දවසේම නදීත් එක්ක ඩොන්ගල් එක ගන්න ගියා.
ඩොන්ගල් එක හම්බුනාම පස්සේ තමයි මේ බ්ලොග් එක ලියන්න ගත්තේ
මන් ඉතින් හිතේ තිබුණු දෙවලුයි, හොයපු දේවලුයි ඔක්කොම ලිව්වා..
තාත්තා මගෙන් දවස් කිහිපයකට පෙර ඇහුවා "කවුද මි-- කියන්නේ"
"කවුද? මං දන්නේ කොහොමද මගෙන් අහන්නේ"
"එහෙනම් අර මොකක්ද එකක දාලාතින්නේ..."
හුටා.......
"හන්ගන්නැතුව ඔක්කොම කියනවා ඉතින්.."
මන් පින්තුරයකුත් පෙන්නුවා.. පෙන්නන්න වුනා ඇත්තටම..
"ආ මෙයාද"
"ඔව්, තාත්තා දන්නවද?"
මන් කොහොමද මැට්ටො දන්නේ...
"මට ආරංචි කෙරුවාව.
ඔහොම තමයි කොල්ලො උනාම ඔහේ වැඩ කරනවා මෙලො දෙයක් හිතන්නෑ..
තමුන් ඔන දෙයක් කරගන්නවා.....
හැබැයි ඉස්සරහට තින වැඩ ටික හරියට කරගන්නවා..
අම්මට නම් දැන ගන්න තියන්න එපා"
ඔයි කොහෙ කෙනෙක්ද?"
හරියටම දන්නෑ.. මි--- ලු.
"මං හැමදාම උදේ වැඩට යන්නේ මේ පාරෙනේ."
මං දන්නෑ.....
ඇත්තටම තාත්තා වැඩට යන පාර තින්නේ එ හන්දිය හරහා කියලා එකෙන් තමයි දැනගත්තේ..
හොරාට යන්නවත් බෑ එ පැත්තේ
තාත්තා ෂොර්ට් ලිව් එකක් දාලා තිබුනොත්....
ආයි පාරක් ගස්.
ඒ කතාවෙන් පස්සේ මගෙන එ ගැන ආයි ඇහුවේ නෑ
මුකුත් කිව්වෙත් නෑ...
මටම නොන්ඩි මන් ගැන.
වෙන තාත්තා කෙනෙක් නම් මගෙ කනක් ඉවරයි මෙලහකට..

මි-- ගේ තාත්තා නම් දරුණු කෙනෙක් කියලා අහන්න ලැබුණා.
අනේ ඉතින් තව මොනවද?????????????
Monday, September 12, 2011
හොර වැඩ
මෙ කියන්න හදන්නේ මීට අවුරුදු කිහිපයකට කලින් වුන සිද්ධියක්...............
හැබැයි මේකේ කතා නායකයා නුවර එළියේ පදිංචි ආදර වන්තයෙක්.....
(ඉතින් ,,,, ඔය එක එක අමුතු කට්ටියත් ඉන්නවනෙ මේ රටේ.. මහ ලොකු දෙකුත් නෙවෙයි එහෙම බලනකොට.. )
මගේ මතකේ හැටියට 2006 පෙබරවාරි මාසේ දවසක තමා මෙක මන් දැක්කේ....
අපි කට්ටිය, ඒ කිවිවේ අපේ බාලදක්ෂ කට්ටිය , 2006 නේ....., අපි ගියා නුවර එළියේ තිබුණ ජැම්බරියට.ගාල්ලේ ටීම් එක කියල තමයි පොදුවේ ගාලු බාලදක්ෂයන් එකතු වුනේ.
ඇත්තටම එ කැම්ප් එකට පිට රටවලින් පවා බාලදක්ෂයන්, බාලදක්ෂිකාවන් ඇවිත් හිටියා. මරු ලස්සන කෙල්ලො... බොනික්කො වගේ .. එ ගොල්ලා තරග කරෙ රටවල් එක්ක.
අපි නියොජනය කරේ ගාලු දිස්ත්‍රික්කය. අන්තිම තරගෙ අවෙ කොළබ කට්ටියත් එක්ක .... එත් අපි එගොල්ලන්ව ගෙමක් නතුව පරාද කරල එක වුනා.අන්තිමෙ ගාල්ලට ජය.
ඔය අතරේ පිට රටවල බාලදක්ෂිකාවෝ අපිත් එක්ක හොදටම මිත්‍ර වෙලා ,යාලුවොන්ට චීසුත් දුන්නා....... එක වෙනම කතාවක්...
අපේ ස්කොලෙම බාලදක්ෂ කණ්ඩායමේ නායක උප නායකයින් 8 විතර හිටියා. එක ස්කොලෙ කට්ටියනෙ ඉතින්. දන්නැද්ද ඉතින් එකතු වුනාම.
ඔහොම ඉන්න අතරේ අපේ ස්කොලෙ මල්ලියෙක් ලෙඩ වෙලා (ලෙඩ උනේ ආපු දවස් වලම) ඉස්පිරිතාලේ නවත්තලා තිබුණා.. එදා එයාගේ තනියට නවතින්න උනේ මට,
මන් හවස 4.30 ට විතර කදවුරෙන් ඉස්පිරිතාලෙට යන්න පිටත් උනා..ස්ටැන්ඩ් එකෙදි කෙල්ලෙකුයි කොල්ලෙකුයි ටිකක් උණුසුම් විවාදයක
පැටලිලා මොකක්ද ජරමරයක්.,...... "මොකක් හරි ලව් හුටපටයක් වෙන්න ඇති" කියලා මන් ගනන් නොගෙන මගෙ ගමන මං ගියා
එදා කදවුරේ සංගිත ප්‍රසන්ගය.. මගේ වාසනාවට එදාම මල්ලිගේ ටිකට් කැපුවා.(මිනිහගේ අවාසනාව, කදවුරේ බිමට වඩා ඇද)......... අපි සෙරම එකේ නැටුවා..
ඉට වඩා එදා පට්ට හිතල !!.....
එ අස්සේ ස්ක්‍රින් එකෙ ස්වර්ණවාහිනියේ "දග මල්ල" පෙන්නන්වා.
කොහොමහරි රෑ 10 විතර වෙනකොට ඔක්කොම සද්ධ බද්ධ නැවතුනා..
"අද රෑ අපේ එකෙක්වත් නිදාගන්න එපා" ඒ --- ගේ කටහඩ....
සර් ලා දෙන්නෙක් හිටියා අපි බාරව.
එක් සර් කෙනෙක් කිව්වා "ඔය නායකයො ටික, පොඩි කට්ටිය ඔක්කොම බලලා නිදාගන්න කියලා"
"හරි සර්" එ මගෙ කටහඩ.
වේලාව රෑ 12.10යි .,
සර් ලත් නිදි. පොඩි කට්ටියත් නිදි
අපි ටික සෙරම අපේ සයිඩ් එකෙන් පිට වුනේ කාටවත් නොදැනී.
අපි ටිකක් ගමේ එවුන් වගෙ හැසිරිලා පිට්ටනියේ ගෙට්‍ටුවෙනුත් එළියට පැන්නා...
මොකෙක්වත් නෑ පාරේ..... කලාතුරකින් වාහනයක් යනවා...එච්චරයි.
අපි පොඩි අතු පාරවල් පුරාම ඇවිද්දා . කියලා වැඩක් නැ මාර ෆන්..
අන්තිමට අපි ටවුන් එකට එන්න බලන කොට හරියට පාර සුවර් නෑ..
එතකොට වේලාව 2.15 විතර වෙලා.
ඉස්සරහට හම්බුනා පොඩි අතු පාරක් එක වැටිලා තින්නේ ලොකු ඇට්ටොරිය ගස්
තින කැලයක් මැදින්....
බුදු අම්මෝ...... කට්ට කරුවල.. ෆොන් එළිය විතරයි,,....
අපි 8ක් ඉන්න නිසා එ පාරෙ එන්න තිරණය කරා.. ඇත්තටම එක විතරයි විසදුමකට තිබ්බෙ.
මිනිත්තු 25 ක් විතර අපි කැලේ ඇතුලෙන් ආවේ..
මතක් වෙනකොට කකුල් තාම වෙව්ලනවා..
එ කැලේ නිකන් අර හැරි පොටර් එකේ මකුලුවො ඉන්න කැලැව වගේ
අපේ එක බූරුවෙක් මහාසෝනා මතක් කරනවා.. අනේ අම්මපා මූට,,,
දෙවියන්ගේ පිහිටෙන් අපි නගරෙට අවා.
ස්ටැන්ඩ් එකේ ඉදන් තමයි ගිමන් හැරියේ....
ස්ටැන්ඩ් එකෙ අලුත් මොකෙක්වත් හිටියෙ නැ පෙන්න.
බිම නිදා සිටින වැරහැලි ඇදගත් 2නෙක් නම් හිටියා....
එක පාරට ගැබුරින් කහින කෙනෙක්ගේ සද්ධයක් ආවා
හැබැයි අපි හිටපු තැනට ටිකක් දුරින්
කව්ද දන්නේ අන්තිම හුස්ම අදින කෙනෙක්ද කියලා
අපි ටිකක් කිට්‍ටු කරලා බැලුවා...
"අඩෝ මේ අර අයියා බන්" යාළුවොන්ට කිව්වා
මන් හවස යනකොට කෙල්ලෙක් එක්ක අර සිරියස් කතාවක හිටපු......
එ යකා නස්පුට් වෙන්න ගහලා කෙලින් ඉන්න පණ නෑ...
ලග පොඩි බොතලෙකුත් තිබ්බා...
මට ඉතින් කතාව තෙරුනා.... නොදොකින් මේ කෙල්ලෝ....ශික්,
අනේ මන්දා ... මොනවා කරන්නද?
සොරි තමයි............,
අපි කැම්ප් එකට යනකොට සර්ලට ඇහෙරිලා අපිව හොයලා
"කොහෙද තොපිලා ගියෙ.."
දැන් අපිට සොරි තමයි".....
"උදෙ තේ එකයි උදෙ කැමයි දෙකම හදන්න උනා"...

කව්ද දන්නේ අන්තිම හුස්ම අදින කෙනෙක්ද කියලාඅපි ටිකක් කිට්‍ටු කරලා බැලුවා...
"අඩෝ මේ අර අයියා බන්" යාළුවොන්ට කිව්වා
මන් හවස යනකොට කෙල්ලෙක් එක්ක අර සිරියස් කතාවක හිටපු......
එ යකා නස්පුට් වෙන්න ගහලා කෙලින් ඉන්න පණ නෑ...
ලග පොඩි බොතලෙකුත් තිබ්බා...
මට ඉතින් කතාව තෙරුනා.... නොදොකින් මේ කෙල්ලෝ....ශික්,
අනේ මන්දා ... මොනවා කරන්නද?
සොරි තමයි............,
අපි කැම්ප් එකට යනකොට සර්ලට ඇහෙරිලා අපිව හොයලා
"කොහෙද තොපිලා ගියෙ.."
දැන් අපිට සොරි තමයි".....
"උදෙ තේ එකයි උදෙ කැමයි දෙකම හදන්න උනා"...
Thursday, September 8, 2011
ආදරයක තරම.... (2)
ඔන්න ඉතින් කතාවෙ ඉතිරි ටික............................වාහනය හොදින් ගිනි ගෙන තිබු නිසා රියදුරු අසුනේ වු මෘත ශරිරය හදුනා ගැනිමට මහත් වැයමක් දරන්නට සිදුවිය.ස්ත්‍රි ,පුරුෂ භාවය හදුනාගැනිමට පවා නොහැකි තත්වයට පිළිස්සි තිබු හෙයින් මෘත ශරිරය රොබෙකා ගේ යැයි සැක කෙරිණි.රොබෙකා ගේ මළ සිරුර පස්චාත් මරණ පරික්ෂණයකට යොමු කර,මරණය සිදුවු ආකාරය (පිළිස්සිම මරණයෙන් පසු සිදුවු බව) සොයා බැලිමට කටයුතු කෙරිණ. මෘත ශරිරයෙන් බාගෙට පිළිස්සුණු මාංශ ඉවත් කර ඇට සැකිල්ල පරික්ෂාවට භාජනය කිරිමෙන් අධිකරණ වෛද්‍ය වරයට මුහුණ දිමට සිදුවු යේ උභතොකොටික ගැටළුවකට ය.ඇට සැකිල්ල පෙන්නුම් කරන්නේ පුරුෂ ලක්ෂණය.
අධිකරණ වෛද්‍ය වරයට, ඇට සැකිල්ල මගින් කිව හැකි තොරතුරු අපමණය, හිස් කබලේ මුඛය අශ්‍රිතව දත් තිබුණේ 30 ක් පමණය.චාර්වක දත මතු වන්නේ වයස අවු 18-25 අතරදිය. හිස් කබලේ ඇති සන්ධි,උඩු තල්ලේ ඇති සන්ධි හා වී නොතිබුණ හෙයින් වයස 30 ට අඩු බව තිරණය විය.උකුල් ඇටයේ සන්ධි හා වෙමින් පැවතුණි ඒම සන්ධි හා වෙන්නේ 18-21 අතරය.මේ අනුව මෙම මෘත ශරිරය වයස 10-21 අතර පුරුෂයකුගේ බව තිරණය කෙරිණ.මෘත ශරිරයෙ පටක කොටස් පරික්ෂාවේදි පෝමලින් ඉතා අදිකව තිබුණි. රොබෙකා ගේ වයස අවු40 කි.ගැටළුව තවත් සංකිරණ විය.... රොබෙකා සෙවිමට සැළසුම් කෙරිණි.
ජුඩ් ගෙන් වැඩි දුර ප්‍රශ්ණ කිරිමෙදි ලබා දුන් උත්තර ප්‍රබල වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි සමග නොගැළපුණ නිසා ප්‍රශ්ණ වලට තව දුරටත් ඔහුට බොරු කිම කළ නොහැකි විය..ඔහු කළ පාපොච්චාරණය මෙසෙය........
(මේ අනුව කතාව මොන වගෙ වෙවිද? ඔබ සිතන ආකාරය සදහන් කිරිම වටි)
Subscribe to:
Posts (Atom)
AWS - Bastion server
How can we access (ssh) protected ec2 instance? Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...