චායා

සිහිනෙක සෙ ඔබ රූව චායා
ආදරයෙන් මා හා වෙළුනා
සිතිවිල්ලක් සේ ඔබ හා බැදුණා
නෙතඟට ඇගේ කඳුලක් වුවා
දහසක් පැතුමන් මසිතින් උතුරා
සුසුමක් වී ඔබ වෙත ආවා..
මොහොතක් සැඟවි ඔබ ගෙන් මිදිලා
සිතිවිලි මගේ රහසේ ඇඳුනා

තරු අඹරේ දිලෙනා රුව නුඹමයි  සොඳුරේ
හද දවනා ප්‍රේමේ නුඹමයි මානිබඳේ
පැතුමන් ගීලී උනුවි සසරේ
පතනා සෙනහස ඔබගෙයි මා මේ සසරේ.

නොසිතු මොහොතක මා වෙත පියඹා
සියොළඟ මගේ උණුහුම් වුවා
පිනිබිදුවක් සේ ‍රැ කරකවලා
හිරු පහනින් මා හැර දැමුවා
දහසක් පැතුමන් මසිතින් උතුරා
සුසුමක් වී ඔබවෙත ආවා
මොහොතක සගවි ඔබගෙන් මිදිලා
සිතිවිලි මගේ රහසින් හැඬුවා

තරු අඹරේ දිලෙනා රුව නුඹමයි  සොඳුරේ
හද දවනා ප්‍රේමේ නුඹමයි මානිබඳේ
පැතුමන් ගීලී උනුවි සසරේ
පතනා සෙනහස ඔබගෙයි මා මේ සසරේ...

Comments

  1. මේ හිටි හැටියෙම බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ..

    ReplyDelete
  2. දැන් පතපු සෙනෙහස ලැබිලදෑ තියෙන්නේ ? ඕ.. එහෙම වෙන්ඩ එපාය. නැත්නම් මෙහෙම ලියනවා යෑ..හික්ස් :)
    කලකට පස්සේ වෙලකට බැස්සේ !
    මොකෝ පහුගිය ටිකේ උනේ ?

    ReplyDelete
  3. හී හී එකනේ අයියේ... ලියන්න හිතෙන්නෙම නෑ..

    මධු අයියේ , මොන පිස්සුද...? මේ තාම ඉන්නේ එහෙම නැතුව හී හී... ලොකු වැඩක් තිබ්බෙත් නෑ අයියේ... මේ ළඟදිම තව කල්චර් එක්ක් තිනවා එකට එන්න

    ReplyDelete
  4. කාලෙකට පස්සෙ සිංදුවක් කියාගෙනම ඇවිත්ද මන්දා :ඩී

    ReplyDelete
  5. ජනියා :
    කල්චර් එකක් කිව්වේ මොකද්ද මලයා ? දහ අට සන්නියක් වගේ සීන් එකක් දෑ :)

    ReplyDelete
  6. එකනේ සෑම් අයියා... හී හී කාලෙකට පස්සෙ සෙට් වුනේ..

    මධු අයියේ කල්ච්ර් කිව්වෙ එදා අපි සෙට් වුනේ එ වගේ ෆන්ක්ශන් එකක්. මේ පාරත් තියනවා 18 සන්නියක් නම් වෙන එකක් නෑ.. වෙන එකක්.. මන් කියන්නම්කො අයියට..

    ReplyDelete

Post a Comment

Popular Posts