ඇබ්සුලියුට් වො...


කාලෙකින් ගොඩ වෙන්න බැරි වුනා මේ පැත්තට.
 අන්න ඒක නිසා මෙ දවස් වල ජිවිතේ ගෙවන හැටි ලියන්න හිතුනා..

"මන් කොච්චර ආසයිද ඒකට
මට කියා ගන්න වචන නෑ
හැබැයි ටිකක් ගණන්
ඉතින් ගණන් කියලා එයාව අතහරින්නද??
කොහොමද ඒකේ රහ...,
කියලා වැඩක් නෑ..
එක පාරක් ගත්තොත් ආයි පාරක් ගන්නෝමයි..
මට මෙකේ ලියනකොටත් මතක් වෙනවා...
ඒ වෙලාවට දැනෙන හැඟීම....
නෑ.. මන් කවදාවත් එයාට යන්න දෙන්නේ නෑ..
ළඟින්ම තියා ගන්නවා...
ඔයාලටත් ඕන නම් ගෙවලා ගන්න පුළුවන්..
ඒ වුනාට ඔයාලා ගන්න එපා.
ඒක ඒකිනෙකාට සාපෙක්ෂයිනේ...
මට නම් කිසිම දුකකුත් නෑ.. අවුලකුත් නෑ.."

ඒ.. අන්න මචන් අර කහ ඉරෙන් මාරු වෙන්නෙ කවුද??
කවුද??
ඒ අර උබේ කලින් ......... .....
අනේ මට මොකෝ බන්...
අයියෝ සල්ලී...!!!

මට ඔකට වඩා රහ ඒවා තිනවා බන්..,
ඒවට ඕක කිට්‍ටු කරන්නවත් පුළුවන්ද??
පොළවට වඩා උඩින් ඇවිදින මිනිස්සු ඕන තරම් ඉන්නව ..
ඇයි.. රෑට ඉර පායනවද??
එත් උන් දවසක මේ පොළොවට අඩිය තියාවි..
ඒත් වැඩක් නෑ.. උන්ගෙන් පොළොවට වැඩක් නෑ..
මේ උබට වැඩි වෙලාද????
මට ?? වැඩි වෙලා??


Comments

  1. කැම්පස් නිවාඩු වෙලේ මේකට මොනා වෙලාද මන්දා.... :)

    ReplyDelete
  2. හී හී තාම එච්චරටම දෙයක් වෙලා නෑ අයියේ .. power play :D

    ReplyDelete
  3. අඩේ.... ඕකේ රහ නම් බලලා නෑ මලේ...
    කීයද දන්නේ නෑ බෝතලේ... ??

    ReplyDelete
  4. ජූස් බෝතල් නැද්ද සැන්ඩි කරන්න

    ReplyDelete
  5. හොඳටම වැඩි වෙලා වගේ... ;)

    ReplyDelete
  6. @ මධු අයියා.. - පට්ටයි අයියේ ඕක. ... මාර රහයි.. අයියේ ටිකක් ගණන් නම් තමයි. 3490ක්

    ReplyDelete
  7. @හිරුහිමාවී- හී හී .. ඇයි ඕ..

    ReplyDelete
  8. @red - හී හී පොඩ්ඩයි පොඩ්ඩයි....

    ReplyDelete
  9. හිස් බෝතලේනම් නියමයි වතුර දාන්න.

    ReplyDelete
  10. උඹට කිව්වට නම් හැදෙන්නේ නැති පාටයි කොලුවෝ

    ReplyDelete
  11. මොකද්ද අලෙ මේ අපබ්‍රන්සේ :)

    ReplyDelete
  12. @නිසු අක්කේ- හී හී වතුර වගේ තමයි ඇතුලේ තින එකත්.. මිනිස්සුන්ට පෙන්න නම් එපා :D :D :D

    ReplyDelete
  13. @Hasitha- ගණන් ගන්න එපා අයියේ කොල්ලොනේ...

    ReplyDelete
  14. @සයුරි- වැඩිය හිතන්න එපා අක්කේ දන්නැද්ද ඉතින්...

    ReplyDelete
  15. @වී - මොකද කියන්නේ දවසක දා ගමුද???

    ReplyDelete

Post a Comment

Popular Posts